ජනාධිපතිවරණයක් පැවැත්වීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම අද

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 15, කොළඹ (LNW):

අද (15) දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ජනමත විචාරණයකට යොමු නොකර ජනාධිපතිවරණයක් පැවැත්වීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට නියමිතව ඇත.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති වීම නිසා එය ජනමත විචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබාගන්නා තෙක් ජනාධිපතිවරණයක් පැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් පසුගිය සිකුරාදා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණු අතර, අදාළ පෙත්සම මගින් පෙත්සම්කරු පෙන්වාදී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින්, 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කොට තේරී පත්වෙන පාර්ලිමේන්තුවක් වසරක් ගෙවී යාමෙන් පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සතු බලය අහිමි කිරීමට කටයුතු කර ඇති බවය.

එම සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීන්දු කර තිබුණ ද එය ජනමත විචාරණයකින් මේ දක්වා අනුමත වී නොමැති බව පෙත්සම්කාර නීතිඥ අරුණ ලක්සිරි උණවටුන පවසයි. එම සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත වී ජනාධිපතිවරයා ඊට අත්සන් තබා නොමැති නිසා එය නීතියක් වශයෙන් සැලකිය නොහැකි බව ද පෙත්සම්කරු පෙන්වාදී තිබේ.

එසේ තිබියදී 19 වන සංශෝධනය තවදුරටත් නීතියක් වශයෙන් පිළිගෙන කටයුතු කිරීම වැරදි සහගත බව ඔහු වැඩිදුරටත් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...

කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් අත් අඩංගුවට ගෙන...