*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

මෙය ඔබේ දියුණුවේ ආරම්භය බවට පත් කර ගන්න – ජනපති

සටහන – රෂිකා හෙන්නායක ජූලි 15, කොළඹ (LNW):

උරුමය වැඩසටහන 2002, 2003 වසරවල මේ රටේ ක්‍රියාත්මක කිරීමට තිබු වැඩපිළිවෙළවක් බවත්, නමුත් අධිකරණයෙන් එය නවතා දැමූ බවත් ජනාධිපතිවරයා කියා සිටියේය,

" මම කටයුතු කළේ මේ රටේ ඉඩම් සංවර්ධන ආඥ පනතට අනුවයි. ඉඩම් සංවර්ධන ආඥා පනත සකස් කළේ මගේ සීයා වන සී.එල් වික්‍රමසිංහ මහතායි. එතුමා එවකට උතුරු මැද පළාතේ ආණ්ඩුවේ ඒජන්තවරයා ලෙස කටයුතු කළා” ලෙසද පැවසීය.

එවකට ඩී.එස්. සේනානායක මැතිතුමා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස අනුරාධපුරයේ පැරණි වැව් නිරීක්ෂණය කිරීමට පැමිණි බවත්, ඇතැම් වැව් ප්‍රතිසංස්කරණ කර තිබූ අතර පරාක්‍රම සමුද්‍රය ඇතුළු අනෙක් ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට තිබුණු බවද පැවසීය. පසුව එම ප්‍රදේශයේ ජනතාව පදිංචි කරවීමට අවධානය යොමු කළ බවද කීවේය.

” ඩී.එස්. සේනානායක මැතිතුමා, මගේ සීයා වන  සී.එල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන්නා අපි ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් අලුත් දෙපාර්තමේන්තුවක් ඇති කරනවා ඇවිල්ලා එය භාරගන්න කියලා. ඒ වගේම ඊට අවශ්‍ය නීති සකස් කරන ලෙසද දන්වා තිබෙනවා. ඒ අනුව එතුමා එම නීති සකස් කර එය සම්මත කරගෙන පළමු ඉඩම් සංවර්ධන කොමසාරිස් ලෙස පත්ව, මෙම ප්‍රදේශයට ජනතාව ගෙනවිත් පදිංචි කළා. තෙත් කලාපයේ ඉඩම් නොමැති ජනතාව මෙම ප්‍රදේශවල පදිංචි කර ගම්මාන ඇති කර තෙත් කලාපයේ ගම්මාන මෙන්ම එම ගම්මාන ද දියුණු කිරීම එහි අරමුණ වුණා. එම වැඩකටයුතු වෙනුවෙන් තමයි මෙම නීතිය සකස් කළේ” ලෙසද ජනාධිපතිවරයා කියා සිටියේය.

එතුමාගේ ලිපි ගොනු කියවු විට එක ප්‍රශ්නයක් තිබුණු බවත්, එදා ලංකාවේ බොහෝ දෙනෙකුට ලිවීමට, කියවීමට හැකියාවක් නොතිබුණු බවත් පැවසූ ජනාධිපතිවරයා, ඒ නිසා විවිධ පිරිස් පැමිණ එම ජනතාව එක එක ගිවිසුම්වලට ඇතුළත් කර ණය ලබාදී ඉඩම් අල්ලා ගැනීමට උත්සාහ කළ බවත්, ඒ හේතුව නිසා ඉඩම් බලපත්‍ර ක්‍රමය ඇති කළ බවද කීවේය.

1935 වසර සහ අද අතර විශාල වෙනසක් තිබෙනවා. අද ඉතා හොද අධ්‍යාපනයක් ලැබු උපාධිධාරින්, වෛද්‍යවරුන්, නීතිඥයන් ඇතුළු උගතුන් මේ රටේ සෑම පවුලකම සිටින බවත්, ඒ නිසා අද එවන් තත්ත්වයක් ඇති නොවන බවත්, නමුත් එදා ජනතාව එවන් දැනුමක් නොතිබුණු බැවින් ඊට ඉඩක් තිබුණ බවද පැවසීය.

” මහවැලි ව්‍යාපාරය ආරම්භ කරන විට අප මෙම වැඩසටහන ක්‍රියාත්මක කළා. නමුත් වසර 10-15ක් ගතවීමෙන් පසු එය අවශ්‍ය වුණේ නැහැ. ඒ ජනතාව ඉඩම් ටික ආරක්ෂා කරගත්තා. එම ජනතාව ඉඩම් විකුණන්නේ නැහැ කියලා මම විශ්වාස කළා. නමුත් එදා ජනතාව මෙම ඉඩම් අයිතිය අපේක්ෂා කළා. ඒ අනුව ඉඩම් සංවර්ධන පනත යටතේ මෙම ඉඩම් ලබාදීමට අලුත් නීතියක් අවශ්‍ය වුණා. එම නීති කෙටුම්පත මම ඉදිරිපත් කළා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය එවන් නීතියක් සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව ප්‍රකාශ කළාඑදා අපට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණා නම් මීට වසර 20කට පෙර  ජනතාවගේ සින්නක්කර ඉඩම් අයිතිය තහවුරු කිරීමට අවස්ථාව ලැබෙනවා. නමුත් ඊට පසු විදේශ ආයෝජකයන්ට සින්නකර ඉඩම් ලබා දුන්නා. ඉඩම් ආඥා පනත යටතේ ෂැංග්‍රිල්ලා හෝටලයට රජයේ ඉඩම් දෙන්න පුළුවන් වුණා නම් ජනාධිපතිවරයා ලෙස ලක්ෂ 20ක ජනතාවට ඉඩම් අයිතිය ලබාදෙන්න ඇයි මට බැරි කියා අහන්න කැමතියි” ලෙසද ජනාධිපතිවරයා පෙන්වා දුණි.

” ඇතැම් අය කිව්වා මීට විරුද්ධව අධිකරණයට යයි කියලා. නමුත් අධිකරණ බලය තිබෙන්නේ උසාවියේ නෙවෙයි, පාර්ලිමේන්තුවේ බව සිහිපත් කළ යුතුයි. පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුය යන ස්ථාවරයේ මම සෑමවිටම සිටිනවා. මට කණගාටු මීට වසර 20කට පෙර ක්‍රියාත්මක කළ හැකිව තිබු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම පිළිබඳවයි. දැන් අප ජනතාවට මෙම ඉඩම් අයිතිය ලබා දෙනවා. මම මේ ප්‍රදේශයට පළමු වරට පැමිණියේ වසර 60කට පෙරයි. එදා මේ පළාත ඝන කැළැවක්ව තිබුණා. නැවත 1978 වසරේ ගාමිණි දිසානායක ඇමතිවරයා ඇතුළු කණ්ඩායමක් සමඟ මෙහි පැමිණ උළුහිටිය ව්‍යාපෘතිය ආරම්භ කළා. අද මම පැමිණ සිටින්නේ උළුහිටියෙන් පැමිණි සියලුදෙනාට සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීම සඳහායි. මෙය ඔබේ අයිතියයි. මේක රජයට අයත් දෙයක් නොවයි. කොත්මලේ ජලාශය හදන්න එදා එම ජනතාවගේ ඉඩම් ආණ්ඩුවට ගත්තා. ඒ වගේම තෙල්දෙණිය ජලාශය හදන්න ද  ඉඩම් පවරා ගත්තා. එම ජනතාවද මෙම ප්‍රදේශවලට එව්වා. මේ ඔබට අයත් ඉඩම්. එම අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් අද මෙම සින්නකර ඔප්පු ලබාදිමට කටයුතු කර තිබෙනවා. මෙය ඔබේ දියුණුවේ ආරම්භය බවට පත් කර ගන්නා ලෙස මම ඉල්ලා සිටිනවා. ඒ සඳහා අවශ්‍ය පසුබිම රජය සකසා දෙන බව ප්‍රකාශ කිරීමට කැමතියි”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මහියංගනය මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ (14) පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට එක් වෙමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan