ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂය තහනම් කිරීමට පාකිස්තාන රජය පියවර ගනී

Date:

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂය වන පාකිස්තාන් ටෙර්හීක්-ඊ-ඉන්සාෆ් (PTI) තහනම් කිරීමට සැලසුම් කර ඇති බව පාකිස්තාන රජය ප්‍රකාශ කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරනය විසින් ජාතික සහ පළාත් සභාවල වෙන්කර ඇති ආසනවලින් කොටසක් සඳහා සුදුසු බව ප්‍රකාශ කරමින් PTI පක්ෂයට විශාල නෛතික ජයග්‍රහණයක් ලබා දීමෙන් දින කිහිපයකට පසුවය.

රජයේ ප්‍රවෘත්ති අමාත්‍ය Attaullah Tarar විසින් මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කර තිබුණේ, පසුගිය වසරේ ප්‍රචණ්ඩ විරෝධතා ඇවිස්සීම සහ රහසිගත තොරතුරු කාන්දු කිරීම ඇතුළු චෝදනා හේතුවෙන් PTI පක්ෂය තහනම් කිරීමට නඩුවක් ඉදිරිපත් කරන බවයි. කෙසේ නමුත් මෙම තීරණය ප්‍රකාශ කිරීමත් සමඟ PTI පාක්ෂිකයන් රට පුරා විරෝධතා දියත් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශ මැතිවරණය: හමුදාව තවමත් තිරය පිටුපස බලවේගයක්ද?

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ ඉදිරි...

විවිධාකාරයේ රූප මවන වීදි සිත්තම්!

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): වීදි කලාව නිරන්තරයෙන්...

IDAG සහතික ප්‍රදානය කිරීමේ උත්සවය සාර්ථකව නිමවෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය...

සිරගතව සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන ඛාන් දැඩි අක්ෂි රෝගයකින් පෙලේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයේ සිරගත...