ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂය තහනම් කිරීමට පාකිස්තාන රජය පියවර ගනී

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂය වන පාකිස්තාන් ටෙර්හීක්-ඊ-ඉන්සාෆ් (PTI) තහනම් කිරීමට සැලසුම් කර ඇති බව පාකිස්තාන රජය ප්‍රකාශ කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරනය විසින් ජාතික සහ පළාත් සභාවල වෙන්කර ඇති ආසනවලින් කොටසක් සඳහා සුදුසු බව ප්‍රකාශ කරමින් PTI පක්ෂයට විශාල නෛතික ජයග්‍රහණයක් ලබා දීමෙන් දින කිහිපයකට පසුවය.

රජයේ ප්‍රවෘත්ති අමාත්‍ය Attaullah Tarar විසින් මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කර තිබුණේ, පසුගිය වසරේ ප්‍රචණ්ඩ විරෝධතා ඇවිස්සීම සහ රහසිගත තොරතුරු කාන්දු කිරීම ඇතුළු චෝදනා හේතුවෙන් PTI පක්ෂය තහනම් කිරීමට නඩුවක් ඉදිරිපත් කරන බවයි. කෙසේ නමුත් මෙම තීරණය ප්‍රකාශ කිරීමත් සමඟ PTI පාක්ෂිකයන් රට පුරා විරෝධතා දියත් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...

කොළඹට විතරක් නෙවෙයි නුවරටත් මෙට්‍රො!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 කොළඹ LNW : බස්නාහිර පළාතට පමණක්...