සීතාවක කොමසාරිස් පාලනයකට යයිද?

Date:

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයෙකු තෝරාපත්කර ගැනීමට අද (15) දිනයේදීද නොහැකි වී තිබේ.

සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ නමුත් එහිදී සභාපතිවරයා තෝරා ගැනීමේ රහස් ඡන්දයට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව ගොස් ඇත.

ඒ අනුව සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් සභාව දින නියමයක් නොමැතිව කල් දැමීමට පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කර තිබේ.

මින් පෙරද ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා කොමසාරිස්වරිය සතු බලතල අනුව ඇය විසින් සභාපතිවරයා තෝරා ගැනීම රහස් ඡන්දයකින් සිදු කිරීමටත් තීරණය කිරීමත් සමඟ ඊට විරෝධය පළකරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව ගොස් තිබුණි.

සීතාවක නගර සභාව ඇතුළු ප්‍රාදේශීය සභා කිහිපයක සභාපති සහ උපසභාපති තෝරා ගැනීමට රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් එම පළාත් පාලන කොමසාරිස්වරුන් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොණු කර තිබූ පෙත්සම් අභියාචනාධිකරණය ඊයේ විභාගයට නොගෙනම (14) නිශ්ප්‍රභ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...