එන්න අපේ පල්ලියට (Open Mosque) 10 වන වැඩසටහන කොල්ලුපිටියේ දී!

Date:

කොළඹ LNW:මෙරට ඉස්ලාමීය නොවන ජනතාවට ඉස්ලාම් ආගම සහ එහි වතාවත් පිළිබඳ පුළුල් අධ්‍යනයට විවෘත අවස්ථාවක් ලබාදීම අරමුණු කරගනිමින් ඉස්ලාම් අධ්‍යයන කේන්ද්‍රය (CIS) සංවිධානය කළ “සැමට පල්ලිය විවෘතයි – එන්න අපේ පල්ලියට” වැඩ සටහනේ දස වන වැඩසටහන ඊයේ (14) කොල්ලුපිටිය ජුම්මා මස්ජිඩ් පල්ලියේ දීී පැවැත් වුණි.

ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය ෂෙයික් මුනීර් මුලාෆර් මහතා ද සහභාගි වූ මෙම වැඩසටහන විශේෂයෙන් මාධ්‍යවේදීන් සඳහා වෙන් කර තිබුණි.

ඊට අමතරව විශ්ව විද්‍යාල සහ වෙනත් ආයතන සහ සංවිධානවල තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම වැඩසටහනට සහභාගී වූහ.

මෙහි දී ඉස්ලාම් ආගමේ යම් යම් වතාවත් පිළිබඳ පවතින ඉස්ලාම් නොවන සමාජයේ පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ විවෘත සාකච්ඡාවක් පැවති අතර, එම ගැටලුවලට පිළිතුරු සැපයමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ස්ත්‍රීන්ට මුස්ලිම් පල්ලිවලට පැමිණීම තහනම් කර ඇති බවට බැහැර සමාජයේ පවතින මතය සම්පූර්ණයෙන්ම වැරදි බවය.

සලාතය හෙවත් දෙවියන් නැමදීම අදාල ඕනෑම අවස්ථාවක ස්ත්‍රියකට පල්ලියට පැමිණිය හැකි බවත්, නමුත් ගෘහණියක් ලෙස මවක් ලෙස ඇයගේ පවතින කාර්ය බහුලතාවය නිසා ඇයට දිනකට පස් වතාවක් පල්ලියට පැමිණ දෙවියන් නැමදීම අපහසු නිසා නිවසේ සිට දෙවියන් නැමදීමට කුරාණයෙන්ම අවසර ලබා දී තිබේ.

එසේම ඕනෑම ඇඳුමක් ඇඳගෙන දෙවියන් නැමදීමට පල්ලියට පැමිණීමට අවසර නැති බවත් පැමිණෙන හැම කෙනෙක්ම තමන්ගේ ඇඳුමේ පිටුපස කිසිදු රූපයක් හෝ වදන් නොලියූ ඇඳුම් ඇඳ පැමිණීම අත්‍යවශ්‍ය බව දන්වා ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

එසේම ඉස්ලාම් භක්තිකයෙකුට විවාහ හතක් කර ගැනීමට කිසිම අවසරයක් හෝ අනුමැතියක් ලබා දී නැති බව ද ඔහු පෙන්වා දුන්නේය. ඉස්ලාම් ආගම තුළ ස්ත්‍රියකට ඉහළම තැන ලබා දී ඇති බවත් ඊට ඇති හොඳම නිදසුන විවාහයක දී විවාහ වන පුරුෂයා බිරිඳ ඉල්ලා සිටින දේ දායාද ලෙස ලබා දිය යුතු බවට නියම කර තිබීම බව ද නියෝජ්‍ය අමාත්‍යාවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට ඉස්ලාමීය අධ්‍යයන කේන්ද්‍රයේ උප සභාපති මර්ෂාඩ් බාරී,ආශිෂ් හුසේන් ඇතුළු පිරිසක්ද එක් වූහ.

මෙහි දී පැමිණ සිටි අයගේ නම් අරාබි බසින් ලියා දීමද ඉස්ලාම් ආගමට අදාළ සිංහල බසින් රචිත පොත් රැසක් මාධ්‍යවේදීන්ට ලබාදීම ද සිදු කෙරිණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...