නිති විරෝධීව මෙරටදී එකලස් කරන ලද බවට සැකකෙරෙන ජීප් රථයක් සමග සැකකරුවෙකු STF අත්අඩංගුවට!

0
691

රෂිකා හෙන්නායක ජූලි15, කොළඹ LNW :

ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ලද තොරතුරක් මත මුල්ලේරියාව, හිඹුටාන ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී , නිති විරෝධී ලෙස මෙරටදී එකලස් කරන ලද බවට සැකකෙරෙන ජීප් රථයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමත් වී තිබෙන බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන එහිදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 53 හැවිරිදි හිඹුටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.