Next Sri lanka වැඩසටහනේ ආරම්භය සාර්ථකයි!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන දිළිඳු පවුල් ලක්ෂ 20ක් සවිබලගැන්වීමේ Next Sri Lanka වැඩසටහනට සමගාමීව තරුණ තරුණියන් 50000ක් දෙස් විදෙස් රැකියාගත කිරීමේ රැකියා පුහුණු පූර්ණ ශිෂ්‍යත්ව 50000ක් පිරිනැමීමට අදාල නිපුණතාව පරික්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ අද (15) දින දිවයිනේ සියළුම ප්‍රදේශීය ලේකම් කාර්යාලවලදී සිදුකරන ලදි.

www.nextsrilanka.lk වෙබ් අඩස්විය ඔස්සේ අද උදෑසන වන විට ඒ සඳහා තරුණ තරුණියන් 15000කට වඩා වැඩි පිරිසක් ලියාපදිංචිව සිටියේය.

අද දිනට යෙදෙන ජාත්‍යන්තර තරුණ නිපුනතා දිනට සමගාමීව ඇරඹි මෙම සම්මුඛ පරීක්ෂණ ජුනි 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

දිවයිනේ සියළුම ප්‍රදේශවල තරුණ තරුණියන් විශාල උනන්දුවකින් මේ සඳහා සහභාගි වන බවයි නිළධාරීන් පවසන්නේ.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලී පන්නිලගේ මහතාගේ සංකල්පයක් අනූව ක්‍රියාත්මක මම වැඩසටහන වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමණාකරන ආයතනය යන රාජ්‍ය හා පෞද්ගලික ආයතන ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන්නකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවයව පරිත්‍යාග කිරීම් සහ බද්ධ කිරීම් ගැන දැනගන්න “සප්‍රාණ” කියවන්න

සප්‍රාණ... මම ලියපු අලුත්ම පොත. ගොඩක් දිග කාලයක් අරන්...

ජන අරගල ව්‍යාපාරයේ උද්ඝෝෂණයේ සිටි 06 දෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජීවන වියදම ඉහළයාමට සහ අධික බදු...

කිරිඳිවැලදී හමු වූ රු.මි 22.5ක ‘අයිස්’..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW : කිරිඳිවැලදී රුපියල් මිලියන...

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...