චෙල්සි ගැන කතා යට වී මතුවන ට්‍රම්ප් ගැන කතා

Date:

නිශ්මං රණසිංහ ජූලි 15, කොළඹ LNW:

ජාත්‍යන්තර පාපන්දු කුසලානය මෙවර දිනා ගැනීමට සමත් වූයේ චෙල්සියා කණ්ඩායමය.ලොක්යේ ප්‍රබලතම පාපන්දු කණ්ඩායමක් වුව එය දිනා ගැනීම පහසු කාර්යයක් නොවන්නේය.ලෝකයේ සියලු විශිෂ්ඨයන් වෘත්තීය පාපන්දු ජීවිතයට සහය කර ගන්නා ක්‍රීඩා සමාජ සියල්ලම තරග බිමට පිවිසෙන මෙම තරගාවලිය ඇතැම් අවස්ථාවල පාපන්දු ලෝක කුසලානයටත් වඩා තරගකාරිබවින් ඉහළට එසැවෙන්නේය.ඒ නිසා චෙල්සියා කණ්ඩායම ලද ජයග්‍රහණය සුළුවට ගන්න නොහැකිය.


එවැනි තවත් ප්‍රබල කණ්ඩායමක් වන පැරිස් සෙන්ට්-ජර්මේන් (PSG) කණ්ඩායම 3- 0 න් පරාජය කරමින්ය.ලෝකයේ ජනප්‍රියතම ක්‍රීඩාව වන පාපන්දු ක්‍රීඩාවෙන් ජයගත් චෙල්සි ගැන කතාවට වඩා එම ජයග්‍රහණය වටා මේ වන විට අවධානය යොමු වී ඇත්තේ එම ජය සංඛේත ප්‍රදානයට එක් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන්ය.
ට්‍රම්ප් මෙයට සහභාගි වීම විශාල විශ්මයක් නොවේය.එහෙත් ඔහු මේ වන විට රට තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද අප්‍රසාදයට ලක් වෙමින් තිබෙන මොහොතක,ලෝකයේ කෝටි සංඛ්‍යාත ජනතාවකගේ අවධානය යොමු වන මේ තරගයේ අවසානයට එක්වීම බිඳ වැටෙමින් තිබෙන ප්‍රතිරූපයට යම් ආකාරයකින් කිහිලි කරුවක් යොදා ගැනීමක්ය.


තරගයේ උණුසුමට සමවැදී සිටි පිරිසට ට්‍රම්ගේ සහ ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් නිව් ජර්සි ක්‍රීඩාංගණයට පැමිණීම එතරම් තදින් දැණුන බවක් නොපෙණින.සමහර විට ට්‍රම්ප් ද නිල් වර්ණයෙන් සැරසුණු චෙල්සියා හී ආධාරකරුවෙක් ලෙස සහ එයට දිරි දෙන්නෙක් වීම නිසා එසේ භාර ගත්තා වෙන්නට හැකිය.ඒ නිසාම ඔවුන්ට අත්පොළසන් දීමක් ද සිඳුවිණ.
එහෙත් තරඟයට පෙර ජාතික ගීය අතරතුර වීඩියෝ තිරවල ඔහුව පෙන්වූ විට, ට්‍රම්ප්ට හූ හඬක් ලැබුණි. තරගයෙන් පසු, ඔහු FIFA සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ සමඟ පිටියේදී ක්‍රීඩකයින්ට පදක්කම් සහ කුසලාන ප්‍රදානය කරන විටත් නැවතත් ඔහුට එරෙහි ඒ හූ හඬ මතු විණි.
ට්‍රම්ප් දැන හෝ නොදැන ජයග්‍රාහී කණ්ඩායම සමඟ ඔවුන්ගේ සමූහ ඡායාරූපයට ඉඩ නොලැබෙන සේ කුසලානය පිරිනැමීමෙන් පසුව වේදිකාව තුළ රැදී සිටීම ද ගැටළුවක් විය.අවසානයේ කණ්ඩායම පැත්තෙන් එම ඡායාරූපයට ඉඩ දී ඉවත්වෙන ලෙස සංඥාවක් ලැබෙන තුරුම ට්‍රම්ප් වේදිකාවේම සිටියේය.


ලෝකයම බලා සිටියදී චෙල්සි කණ්ඩායමේ ජනප්‍රියභාවය මෙන්ම ඔවුන් ප්‍රිය කරන පුද්ගලයෙක් හැටියට මේ සියළු තැන් හී ට්‍රම්ප්ගේ රැදී සිටීම ඔහුට දේශපාලන වශයෙන් වාසිදායකය.ඒ නිසාම කරා ද නොදන්නා කමට කරාද යන්න පැහැදිළි නැත.දේශපාලනයේදි නොදන්නා සේ දැනගෙන කරන වැඩද තිබෙන නිසා සිතාමතා ට්‍රම්ප් සිය පිරිහෙන ජනප්‍රියතාවය වෙනුවෙන් මේ තරගයේ කළ කී දේ පාවිච්චි කරන්න ඉඩ ඇති බව සිතිය හැකිය. ඒ,ට්‍රම්ප් ඉතාම පවිත්‍ර දේශපාලනඥයෙකු හෝ කාරුණික මනුස්සෙක් සිතිය නොහැකි වැඩ බොහෝ කරන අයෙක් නිසාවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්අඩංගුවට ගත් රසායන ද්‍රව්‍ය කන්ටේනර් දෙක ගැන සත්‍යය තොරතුරු රජය හෙළිදරව් කළ යුතුයි – සජිත්

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය...

නිධන් හෑරීම : කොළඹ නියෝජ්‍ය පොලිස්පති සහ ඔහුගේ බිරිඳ ඇතුළු 9 දෙනා යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල නිධන් හෑරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...

ඉටුනොවූ යුක්තියේ පසුවිපරම – නිමලරාජන් ඝාතනයේ නඩු වාර්තාව එළිදක්වයි! (PHOTOS)

කොළඹ LNW: ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී නිමලරාජන් මෛල්වාගනම්ගේ නඩු විභාගයේ...

Celebrity Buzz: තරු පිරුණු රැයක උන්මාදය සමඟින් MTV VMA!

සටහන – පුලී සැප්තැම්බර් 08, කොළඹ (LNW): මෙම වසරේ පැවැති විශාලතම...