ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය කෘතිය එළිදැක්වීම – 2025.07.16

Date:

නිශ්මං රණසිංහ ජූලි 15, කොළඹ LNW:

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මඟින් ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රයේ නියුතු පිරිස විසින් මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීම මූලික අරමුණු සහිතව ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය කෘතිය ජනගත කිරීම 2025.07.16 වන දින පෙ.ව. 09.00 ට කොළඹ 07, නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයීය ශ්‍රවණාගාරයේදී සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී
• “ග්‍රන්ථ නිර්මාණකරණයේදී සංස්කරණයේ අවශ්‍යතාව” මැයෙන් සේවාර්ජිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා
• “නූතන නිර්මාණකරුවා අවධානය යොමු කළ යුතු අංශ” මැයෙන් මහාචාර්ය රත්නසිරි අරංගල මහතා ද දේශන පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ග්‍රන්ථ ප්‍රකාශන ක්‍රියාවලියේදී ප්‍රධානතම ගැටලුවක් වන්නේ ග්‍රන්ථයක නිමැවුම නිසි ක්‍රමවත් බවකින් ඉදිරිපත් නොවී‍මයි. විශේෂයෙන්ම අගනුවරින් බැහැර ප්‍රකාශකයන්ගේ ප්‍රකාශනයන්හි මුල්පිටු, පිටකවරය, පිටු සැකසුම, මුද්‍රණය, ISBN අංකය වැරදි ආකාරයට මුද්‍රණය වැනි ගැටලු සුලබය. මේ නිසා රජයේ හෝ පෞද්ගලික පුස්තකාල ‍හෝ වෙනත් ආයතන පොත් මිලදී ගැනීමේදී කර්තෘවරුන් බොහෝ අපහසුතාවන්ට පත්වන බව නිරීක්ෂණය වී තිබේ. මේ තත්ත්වය පිළිබඳව කර්තෘවරු, ප්‍රකාශකයන්, මුද්‍රණකරුවන්ට නිසි අවබෝධයක් ලබාදීම මේ කෘතිය ජනගත කිරීමේ අරමුණයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනයෙහි අලංකරණය වෙනස් මානයකින් දකින්නවුන් වෙනුවෙන් සම්මාන උළෙලක්!

සටහන – පුලී සැප්තැම්බර් 09, කොළඹ (LNW): දඩයම් කිරීම චීටාවන්ට...

ඇමරිකානු වැටලීමකදී රඳවා සිටින කම්කරුවන් ගෙන්වීමට දකුණු කොරියාවෙන් ගුවන් යානයක් ‍යැවීමට සැලසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සතියේ එක්සත්...

මානසික හා බුද්ධිමය ආබාධ සහිත පුද්ගලයන්ගේ දෙමාපිය සහ භාරකරුවන්ගේ එකමුතුවක්!

කොළඹ LNW:අබාධ සහිත පුද්ගලයන් ගැන කතා කිරීමේදී මානසික සහ...

රාජිත ඇප මත මුදා හරී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09 ,කොළඹ LNW : සැකපිට රක්ෂිත බන්ධනාගාරගත...