ජෝ බයිඩන් ඒ ඒ රටවලට ඒ ඒ හැන්ඳෙන් බෙදයි ; ඉරානය සම්බන්ධයෙන් දැඩි තීන්දුවක

Date:

ජෝ බයිඩන්ගේ මැදපෙරදිග සංචාරයේ ප්‍රධාන අවධානය යොමු වන්නේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඇතිව ඇති මතභේදයන් නිරාකරණය කර ගැනීම හා කලාපීය වශයෙන් උපායමාර්ගිකව සංවිධානය වීමත්, බිඳී ඇති හොඳ හිත නැවත ඇති කර ගැනීමත් වෙනුවෙනි.

බයිඩන් මහතා ඊශ්‍රායල සංචාරයේ දෙවන දිනයේ ඊශ්‍රායල අගමැති යායර් ලපිඩ් හමු විය. මෙහිදී වැඩි වශයෙන් ඉරාන න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් විය. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී බව ඉරානය අවධාරනය කළත් ඊශ්‍රායලය හා එක්සත් ජනපයද විසින් එය කලාපීය වශයෙන් ඇතිවිය හැකි තර්ජනයක් බවට විශ්වාස කරයි. මේ හේතුව නිසා ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන නැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය සිය ජාතික බලයේ සියලුම අංග භාවිතා කිරීමට සූදානම් බව බයිඩන් මෙහිදී දැඩි ස්ථාවරයක සිට පැහැදිළි කර ඇත.
ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එක්සත් ජනපදය හා අනෙකුත් බටහිර රටවල් සමඟ අර්බුදයක පැටලී සිටියි. ඒ 2015 ජාත්‍යන්තර ගිවිසුමක් යටතේ පනවා ඇති සීමාවන් උල්ලංඝනය කිරීමත් සමඟය.

ඉරානය දිගු කලක සිට ලෙබනනයේ බලවත් හිස්බුල්ලා ව්‍යාපාරයට සහ ගාසා තීරයේ පලස්තීන හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් කණ්ඩායම්වලට අරමුදල්, පුහුණුව සහ ආයුධ සපයන බව එක්සත් ජනපදය හා ඊශ්‍රායලය දැඩිව විස්වාස කරයි.ඒ වැනි ත්‍රස්තවාදී සංවිධාන භාවිතා කිරීම ඇතුළුව ඉරානයේ ආක්‍රමණශීලී සහ අස්ථාවර ක්‍රියාකාරකම්වලට මුහුණ දීමට එක්සත් ජනපදය අපගේ අනෙකුත් හවුල්කරුවන් සමඟ එක්ව උපාය මාර්ගිකව කටයුතු කරන බව ජෝ බයිඩන් මෙහිදී ප්‍රකාශ කර ඇත.

බයිඩන් විසින් අද(15) දිනයේ බෙත්ලෙහෙම්හිදී පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් සමඟ සාකච්ඡා පවත්වනු ඇත. පලස්තීනුවන්ට මෙහිදී අවශ්‍ය වන්නේ ඊශ්‍රායලය සමඟ නැවතත් ආරම්භ කිරීමත් 2019 දී වසා දමන ලද ජෙරුසලමේ එක්සත් ජනපද කොන්සල් කාර්යාලය නැවත විවෘත කර ගැනීමත් ය. මේ සම්බන්ධව අද දිනයේදී සාකච්ඡා වන බවත් එනමුත් එක්සත් ජනපද කොන්සල් කාර්යාලය වසා දැමීම ආපසු හැරවීමට තවමත් සූදානම් නැති බව ධවල මන්දිරය විසින් මාධ්‍ය වෙත නිවේදනය කර තිබේ.

මෙහිදී බෙහෝ විචාරකයන්ගේ අවධානයට ලක්ව ඇත්තේ බයිඩන්ගේ සවුදි අරාබි සංචාරයයි. 2018 දී තුර්කියේදී සෞදි විසංවාදී මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද බුද්ධි අංශ විසින් ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුට චෝදනා කිරීමත් සමඟ දෙරට අතර හොඳ හිත පලුදු විය. මෙම සංචාරය මඟින් සල්මාන් කුමරු සමඟ සබඳතා යලි ආරම්භ කිරීමත් ඒවා දෙපාර්ශවයටම වාසිදායක දිශානතියකට ගෙන යාමටත් අපේක්ෂා කෙරේ.

මෙම සංචාරය එක්සත් ජනපද නායකයෙකු මැද පෙරදිට ගිය මුල්ම අවස්ථාව වේ. මින් වැඩෙන සබඳතාව කුඩාවන මුත් එය දිගු කාලීන රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ගික සබඳතාවකට පදනමක් වනු ඇති බව දේශපාලන විශේෂඥයන් සඳහන් කර ඇත.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහේස්ත්‍රාත් තිලින ගමගේ සේවයෙන් ඉවතට ?

මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින...

කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ඉල්ලූ අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...

Fun Friday: ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ ඊළඟ පරිච්ඡේදය ගැන ඉඟියක්!

සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක...

මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව...