අර්බුදයේ මාධ්‍ය ප්‍රකාශකකම රනිල්ගෙන් පසු නන්දලාල් භාරගනී …

Date:

ස්ථාවර ආණ්ඩුවක් නුදුරේදීම ඇති නොවුන හොත් රට වසා දැමීමකට ඉඩ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ අනතුරු අඟවා ඇති බව BBC ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

BBC හි Newsnight වැඩසටහනට ඔහු ප්‍රකාශ කර තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජයක් ලබා ගැනීමේ ප්‍රගතිය රඳා පවතින්නේ ස්ථාවර පරිපාලනයක් තිබීම මත බවත් මේ වන විට අත්‍යවශ්‍ය ඛනිජ තෙල් සඳහා ගෙවීමට ප්‍රමාණවත් විදේශ විනිමය සොයා ගත හැකිද යන්න පිළිබඳව අවිනිශ්චිතතාවයක් ඇතිව පවතින බවත් ආර්ථික අර්බුදයක් හේතුවෙන් රට තුළ මහජන නොසන්සුන්තා ඇතිව තිබෙන බවත්ය.

එසේම පවතින ආර්ථික කඩා වැටීම හේතුවෙන් සාමාන්‍ය මිනිසුන්ගේ ආහාර ඉන්ධන සහ අනෙකුත් මූලික සැපයුම්වල මිල මේ වන විට අහස උසට නැඟ ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබේ. පසුගිය අප්‍රේල් මාසයේදී මහ බැංකු අධිපති තනතුරට පත් ඔහු මෙහිදී වැඩිදුර පවසා ඇත්තේ ස්ථාවර පරිපාලනයක් නොමැතිව අත්‍යවශ්‍ය දෑ සපයන්නේ කෙසේද යන්න පිළිබඳව තමන්ට ඉදිරි මඟක් නොපෙනෙන බවයි.

“අපට මේ මාසය අවසන් වන තුරු අවම වශයෙන් ඩීසල් නැව්ගත කිරීම් තුනක් සහ පෙට්‍රල් නැව්ගත කිරීම් එකක් හෝ දෙකක් සඳහා මුදල් යෙදවීමට අපට හැකි වී තිබෙනවා. මේ රටට අත්‍යවශ්‍යයි ඛනිජ තෙල් මූල්‍යකරණය කරන්න, එහෙම නොවුනොත් මුළු රටම වහලා දානවා වගේ තමයි වෙන්නේ. ඉතින් ඒකයි අපට ඕන තීරණ ගන්න පුළුවන් අගමැතිවරයෙක්, ජනාධිපතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් … එහෙම නැතිවුණොත් ඔක්කොම මිනිස්සු දුක් විඳිනවා.” ඔහු පැවසීය.

මේ වනවිට ( IMF)ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පැවැත්වෙන අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණයහිමියන් සමඟ අපගේ සාකච්ඡාවේ හොඳ ප්‍රගතියක් ලබා ගැනීමට නම් කොපමන කාලයකින් ස්ථාවර පාලනයක් ඇතිවේද යන්න දැඩිව බලපානු ඇති බවත් ඒ මහතා මෙහිදී සඳහන් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස් වීමත් සමඟ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දෙවන දිනටත් ඇඳිරි නීතිය පනවා තිබේ. පවතින අර්බුදය වැරදි ලෙස හැසිරවීම සම්බන්ධයෙන් බොහෝ දෙනා රාජපක්ෂ පාලනයට දොස් පවරන අතර මැයි මාසයේදී අගමැති වූ වික්‍රමසිංහ මහතා ගැටලුවේ කොටසක් ලෙස ද දකිති. මෙවැනි තත්වයක් තුළ ස්ථාවර රජයක් ස්ථාපිත වූ නමුත් මාස හතරක් හෝ පහක් යන විට කොතැනක හෝ නැවත අර්බුදයක් මතුවිය හැකි බව මහ බැංකු අධිපතිවරයා පවසා ඇත.

සාමාන්‍යයෙන් පසුගිය සතිවලදී “ඉදිරි සති දෙක අමාරුයි” යනාදී වශයෙන් අර්බුදයේ මාධ්‍ය ප්‍රකාශන සිදුකළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. දැන් එම කටයුත්ත මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවරාගෙන ඇති බවක් පෙනේ.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...