යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්

Date:

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා වශයෙන් මේජර් ජනරාල් සංජය වනසිංහ මහතා පත්කර තිබේ.

හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සී.ඩී. වීරසූරිය මහතා විශ්‍රාම යාම හේතුවෙන් මෙම පත්කිරීම සිදුකර ඇත.

සංජය වනසිංහ යනු 1988 – 91 සමයේ යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ ජනරාල් හැමිල්ටන් වනසිංහ මහතාගේ පුත්‍රයෙකි. ඔහු සිය පියා හමුදාපති ධුරය දරණ සමයේම කැඩේට් නිලධාරියකු වශයෙන් හමුදාවට එක්ව සිය පියා අතින්ම අධිකාරියට පත්වෙමින් මෙරට හමුදා ඉතිහාසයේ වාර්තාවක් පිහිටවූ නිලධාරියෙකි.

ඔහු අද (15) දිනයේදී යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරෙහි වැඩ භාරගැනීමට නියමිත බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...