අනුරාධපුර – ඕමන්තේ දුම්රිය මාර්ගය අද සිට විවෘතයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය දා අලුත්වැඩියාව සඳහා අනුරාධපුර – ඕමන්තේ දුම්රිය මාර්ගය මාස 6 කට අධික කාලයක් වසා දැමුණු අතර එහි දුම්රිය  ධාවන කටයුතු නැවතත්  අද (15) යළි ආරම්භ කෙරිණි. ඒ අනුව කොළඹ, කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා සාමාන්‍ය කාලසටහන් අනුව දුම්රිය ධාවනය වේ.

62KM ක දුරකින් යුත් අනුරාධපුර – ඕමන්තේ අතර දුම්රිය මාර්ගය ඉන්දියානු ණය ආධාර යටතේ අලුත්වැඩියා කළ අතර ඒ සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 33 ක් බව පැවසේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ , මාර්ගය ප්‍රතිසංස්කරණයත් සමග එම කොටසේ පැයට කිලෝමීටර් 100ක වේගයෙන් දුම්රිය ධාවනය කිරීමට හැකිවනු ඇති බවයි.

යාපනය කොළඹ දුම්රිය ආසන වෙන් කිරීමේ සේවාව ද නැවත ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය .

අද දිනයේ කොළඹ සිට කන්කසන්තුරෙයි දක්වා දුම්රිය ගමන්වාර 03ක් සහ කන්කසන්තුරෙයි සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන්වාර 02ක් යෙද වූ බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එම්. ජේ. ආර් ඉදිපොලගේ මහතා සඳහන් කළේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...