අනුරාධපුර – ඕමන්තේ දුම්රිය මාර්ගය අද සිට විවෘතයි.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය දා අලුත්වැඩියාව සඳහා අනුරාධපුර – ඕමන්තේ දුම්රිය මාර්ගය මාස 6 කට අධික කාලයක් වසා දැමුණු අතර එහි දුම්රිය  ධාවන කටයුතු නැවතත්  අද (15) යළි ආරම්භ කෙරිණි. ඒ අනුව කොළඹ, කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා සාමාන්‍ය කාලසටහන් අනුව දුම්රිය ධාවනය වේ.

62KM ක දුරකින් යුත් අනුරාධපුර – ඕමන්තේ අතර දුම්රිය මාර්ගය ඉන්දියානු ණය ආධාර යටතේ අලුත්වැඩියා කළ අතර ඒ සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 33 ක් බව පැවසේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ , මාර්ගය ප්‍රතිසංස්කරණයත් සමග එම කොටසේ පැයට කිලෝමීටර් 100ක වේගයෙන් දුම්රිය ධාවනය කිරීමට හැකිවනු ඇති බවයි.

යාපනය කොළඹ දුම්රිය ආසන වෙන් කිරීමේ සේවාව ද නැවත ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය .

අද දිනයේ කොළඹ සිට කන්කසන්තුරෙයි දක්වා දුම්රිය ගමන්වාර 03ක් සහ කන්කසන්තුරෙයි සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන්වාර 02ක් යෙද වූ බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එම්. ජේ. ආර් ඉදිපොලගේ මහතා සඳහන් කළේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ නිල RMB නිෂ්කාශන බැංකුව ලෙස ‘Bank of China’ නම් කෙරේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : චීන බැංකුව රටේ...

බ්‍රසීල ඇමසන් වනාන්තර විනාශය වාර්තාගත අවම මට්ටමකට; ලූලාට මල් මිටක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: බ්‍රසීලයේ ඇමසන්...

ප්‍රංශයට ඇඳිරිනීතිය පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: ප්‍රංශය පුරා...

අද, හෙට සහ අනිද්දා දිවයින පුරා විදුලිය කැපෙන කාලසටහන මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (19) , හෙට (20) සහ...