සටහන – නිශ්මං රණසිංහ
ජූලි 16, (LNW) කොළඹ :
“මෙය ශ්‍රී ලංකාවට වැදගත් අවස්ථාවක් වන අතර, එහි සිටින නියෝජිතයින් උණුසුම් ලෙස පිළිගැනීමට අපි කැමැත්තෙමු.අපේ සුන්දර දිවයින ගැන ලොව වටා සිටින ජනතාවට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සහ අපේ රටේ සුන්දරත්වය සහ උරුමය ලොවට ප්‍රදර්ශනය කරන්න, මෙම සමුළුව භාවිතා කිරීමට අපි අදහස් කරමු” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා අදහස් දැක් වූවේ, 2024 ජූලි 19 සිට 22 දක්වා ශ්‍රී ලංකාවේදී පවත්වනු ලබන, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) වාර්ෂික සමුළුව ගැන අදහස් දක්වමින්ය.
ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන මෙම වාර්ෂික සමුළුව ආසියා කලාපය තුළ පවත්වනු ලබන්නේ පළමු වරටය.
අප්‍රිකාව, ඇමරිකාව, ආසියාව, නැගෙනහිර ආසියාව, පැසිෆික්, සහ යුරෝපය වැනි ප්‍රදේශ ආවරණය වන පරිදි ලොව පුරා ICC සාමාජික රටවල් 108 න්, නියෝජිතයෝ 220 කට අධික පිරිසක් මෙම මහා ක්‍රිකට් සමුළුවට එක්වෙති
ලොව පුරා සිටින ක්‍රිකට් පරිපාලකයින් සහ පාර්ශවකරුවන්ගේ උච්චතම හමුව වන අයි.සී.සී.වාර්ෂික සමුළුව ක්‍රීඩාවේ උපාය මාර්ගික දිශානතිය පිළිබඳ සාකච්ඡා සඳහා වේදිකාව සපයයි,
ලොස් ඇන්ජලීස් 2028 ඔලිම්පික් නියෝජනය කේන්ද්‍ර කර ගනිමින් එම අවස්ථාව පලදායි අයුරෙන් ප්‍රයෝජනයට ගැනීම ගැන මේ සමුළුවේ ප්‍රධාන තේමාව වශයෙන් සාකච්ඡාවට ගනු ඇත. පාලනය, සහ ලොව පුරා ක්‍රිකට් සංවර්ධනයට අදාළව ‘විවිධත්වය සහ ප්‍රවේශයන්,’ ‘පාරිසරික තිරසාරත්වය සහ ක්‍රීඩාව,’ ඔස්සේ සාකච්ඡා කිරීමට නියමිත අතර බොහෝ විවිධත්වයන් සම සේ ගෝලීය දේශපාලනය තුළ ඒ ඒ රටවල් අත් කරගෙන සිටින දේශපාලන පෞරුෂය නොසළකා කටයුතු කිරීමේ ඔලිම්පික් සම්ප්‍රදාය කෙරෙහි ද එහිදි අවධානය යොමු වනු ඇත.
රටක් හැටියට ගත් විට දේශපාලනික සහ ආර්ථික වශයෙන් රටට හිමිවන ජයක් හැටියට මේ සමුළුව හැඳින්විය හැකිය.මෙසේ එකතු වන්නේ රටක ක්‍රීඩාවකට පරිපාලන නායකත්වය දෙන පිරිස් බැවින්, බොහෝ විට බහුතර සාමූහිකයකට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පණිවිඩයක් රැඟෙන යාමට ඔවුන්ට හැකියාවක් ඇත.
