පොහොට්ටුවේ ලකුණින් පොහොට්ටුවේ අපේක්ෂකයා මේ බැලට් පේපර් එකේ ඉන්නවා!

Date:

කොළඹ LNW: ”පොහොට්ටුවේ ලකුණින් පොහොට්ටුවේ අපේක්ෂකයා මේ බැලට් පේපර් එකේ ඉන්නවා යාළුවා ” යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසුවේය.

ඒ,අද (16) අද රාජගිරිය මැතිවරණ කාර්යාලයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රටේ ඊළඟ ජනාධිපති පොහොට්ටුවේ අපේක්ෂකයා බවද එදිරිමාන්න මහතා කියාසිටියේය.

”පොහොට්ටුවේ අපේක්ෂකයා තමයි ඊළඟ ජනාධිපති. ස්ථිර වශයෙන්ම ඒක තමයි අපේ අවසාන අරමුණ. අපි එතනට බොහෝම ප්‍රජාතන්ත්‍රවාදීව,ඉතාම නිස්කලංකව මිනිස්සුන්ගේ සහ මේ පොළවේ අනාගතය වෙනුවෙන් අපි ඒ ගමන යනවා. පොහොට්ටුවේ අපේක්ෂකයා එන්නේ. ඒකෙ වෙනසක් නැහැ. පොහොට්ටුවේ අපේක්ෂකයෙක් ඊළඟ ජන්දේ බැලට් පේපර් එකේ ඉන්නවා. රටේ ජනාධිපති කෙනෙක් එක්ක හැපිලා,ආණ්ඩුවක් එක්ක හැපිලා,අවුරුදු හතරහමාරක් නොවිදිනා දුක් විඳලා හදපු පක්ෂය අවුරුදු හත අටකින් අතහැරලා දාන්න මේ වෙනුවෙන් කැපකිරීම් කරපු මිනිස්සු සියදිවි නසා ගනියි. පොහොටුවේ ලකුණින් පොහොට්ටුවේ අපේක්ෂකයා මේ බැලට් පේපර් එකේ ඉන්නවා යාළුවා.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...