රට රැකියා සිහිනය වෙනුවෙන් වංචාකාරයකුට හසු වූ අයෙක් කනේරු ඇට කා සියදිවි හානි කරගෙන!

රෂිකා හෙන්නායක ජූලි 16, කොළඹ LNW :

විදේශ රැකියා ආයතනයකට රුපියල්ලක්ෂ 80 ක් ලබා දුන් යාපනයේ පුද්ගලයෙකුට එම මුදල අහිමි වීමෙන් පසුව ඔහු කනේරු ඇට කා සියදිවි හානි කරගෙන තිබෙන පුවතක් වාර්තා වේ. ඒ ඔහුගේ කැනඩාවට යාමට තිබූ සිහිනය බොඳවීම හේතුවෙනි.

මීට වසර දෙකකට ඉහතදී යාපනයේ පුංගුඩුතීව් හතර වන පටුමගේ පදිංචි 34 හැවිරිදි සෙල්වරාසා බාස්කරන් නැමති අය යාපනයේ විදේශ රැකියා ආයතනයක හිමිකරුවකුට රුපියල් ලක්ෂ 80 ක මුදලක් ලබා දී ඇත්තේ ණයට පොලියට හා වෙනත් ක්‍රම වලින් එකතු කර ගන්නා ලද මුදලකින් බව වාර්තා වේ.

වසර දෙකක් ගත වූ නමුත් ඔහුට කැනඩාවේ රැකියාවක් නොලැබුණු නිසා ඔහු අදාල ඒජන්සිකරු හමු වී තමන් ලබා දුන් මුදල ඉල්ලා තිබෙනවා.මුලින් එම මුදල ලබා දීමට කැමැත්ත පල කොට ඇතත් පසුව ඔහු ප්‍රකාශ කොට ඇත්තේ එම මුදල අන්තර් ජාලයේ පිරිසක් විසින් සොරා ගෙන ඇති බවයි. මින් දැඩි කම්පනයකට පත්ව නිවසට පැමිණි මුදල් අහිමි වූ පුද්ගලයා බිරිදට සියලු විස්තර පවසා රාත්‍රී නින්දට ගොස් තිබෙන අතර, බිරිද නිදාගත් පසුව අවදි වූ ඔහු කනේරු ඇට කුඩු කොට හකුරු සමග කා නින්දට ගොස් ඇති අතර ඔහු වමනය කළ අවස්ථාවේදී බිරිද නැගිට ඔහුව යාපනයේ පුංගුඩුතීව් රෝහල වෙත රැගෙන ගොස් ඇති බවද සදහාන් වේ.

රෝගියාගේ තත්ත්වය ඉතා අසාධ්‍ය බැවින් ඔහුව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට යවා ඇතත් ඔහු මියගොස් ඇති අතර මියගිය අය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශීක්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...