*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේදයන්, වටිනාකම් සහ ව්‍යවස්ථාමය රාමුවක් හරහා ශ්‍රී ලංකාවේ කඩිනම් විසඳුමක් සඳහා ඉන්දියාවේ සහාය

ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේදයන් සහ වටිනාකම් මෙන්ම ස්ථාපිත ආයතන සහ ව්‍යවස්ථාමය රාමුවක් හරහා සෞභාග්‍යය සහ ප්‍රගතිය සඳහා වන සිය අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට උත්සහ දරන ශ්‍රී ලාංකික ජනතාව සමඟ ඉන්දියාව තවදුරටත් අඛණ්ඩව රැඳී සිටින බව ඉන්දියාව අවධාරණය කළේය. 2022 ජූලි 14 වන දින මාධ්‍ය හමුවක් අමතමින් ඉන්දියානු රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකතුමා ප්‍රකාශ කළේ  ඉන්දියාව ශ්‍රී ලංකා රජයට සහ එහි නායකත්වයට අදාළ තත්ත්වය සඳහා කඩිනම් විසඳුමක් ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේදයන් සහ වටිනාකම්, ස්ථාපිත ආයතන සහ ව්‍යවස්ථාමය රාමුව හරහා අපේක්ෂා කරන බවයි. විසඳුමක් ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලාංකික ජනතාව ගන්නා ප්‍රයත්නයේදී ඉන්දියාව හැකි සෑම අයුරකින්ම ඔවුන්ට සහයෝගය ලබා දෙන බව මාධ්‍ය ප්‍රකාශකතුමා සඳහන් කළේය. 

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය හමුවේ හටගන්නා අභියෝගයන්ට මුහුණ දීමට උපකාර කිරීම සඳහා ඉන්දියාව විසින් ප්‍රදර්ශනය කර ඇති කැපවීම ඉන්දියාවේ  “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය සහ කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය (SAGAR) යන දැක්ම අවධාරණය කරයි. ඉදිරියේදීත් ඉන්දියාව ශ්‍රී ලාංකික ජනතාව සඳහා තවදුරටත් සහයෝගය ලබා දෙමින් අඛණ්ඩව ඔවුන් සමඟ රැඳී සිටිනු ඇත. 

ආර්ථික දුෂ්කරතා ජයගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලාංකික ජනතාවට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ බව ප්‍රකාශ කළ මාධ්‍ය ප්‍රකාශකතුමා ඉන්දියාව 2022 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 3.8ක් පමණ වටිනා සහයෝගයක් කඩිනමින් ලබා දුන් බව ද සඳහන් කළේය. විනිමය හුවමාරු පහසුකම්, ශ්‍රී ලංකාව විසින් ඉන්දියානු සංචිත බැංකුවට ගෙවිය යුතු ණය ආසියානු නිෂ්කාශන සංගම් ක්‍රමවේදය යටතේ කල් දැමීම, ඉන්ධන, ඖෂධ, ආහාර, පොහොර සහ වෙනත් අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.5කට අධික ණය පහසුකම් ලබා දීම යනාදිය මෙම සහයෝගයන්ට ඇතුළත් වේ. 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවෙන් පිටවීමට පහසුකම් ලබා දුන් බවට වූ වාර්තා ද ඉන්දියාව  විසින් තරයේ ප්‍රතික්ෂේප කරන ලදී. 

 (මෙම පුවත්පත් නිවේදනයේ අන්තර්ගතය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකතුමා විසින් 2022 ජූලි 14 වන දින නව දිල්ලියේ පැවති මාධ්‍ය හමුවකදී පළ කළ අදහස් ඇසුරින් සකසන ලදී) 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan