*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

රනිල්ගෙන් ජනතාවට කඩිනම් සහන වැඩසටහනක්. අරගලයේ ඉල්ලීමකුත් පිළිගනී !

ආර්ථික පිඩනයට ලක් ව සිටින ජනතාවගේ ජිවන බර අවම කිරීම සදහා ඉන්ධන ,ගැස් හා අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ලබා දිමට කඩිනම් සහන වැඩසටහනක් ආරම්භ කිරිමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තිරණය කර තිබේ.

අද(16) උදැසන අමාත්‍යවරුන් සහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවකදීයි ඒ මහතා මෙම තිරණය ගෙන ඇත්තේ.

මීට අමතරව ලබන අගොස්තු මාසයේ දි ඉදිරිපත් කරන සහන අයවැයෙන් ඒ සදහා තවත් අතිරේක මුදල් යෙදවීමට තිරණය කර ඇති බව සඳහන්.

අහාර සුරක්ෂිතා වැඩසටහනේ ක්‍රියාමාර්ග වේගවත් කර එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටද එම සාකච්ඡාව දි ගරු වැඩබලන ජනාධිපතිතුමා උපදෙස් දී ඇත.

විශේෂයෙන්ම ඉන්ධන සහා පොහොර ක්‍රමවත්ව මෙන්ම කඩිනමින් ලබාදීමට ද මෙහිදී අවධානය යොමු විය.

එමෙන්ම තම ව්‍යාපාර බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය ව්‍යාපාරිකයන්ට සකස් කර දිම කෙරෙහි ද ⁣මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇත.

මේ අතර සාමකාමී අරගල නායකයින් විසින් භාර දි ඇති යොජනාවලියේ සඳහන් මහජන කවුන්සිලය ⁣හොඳ යොජනාවක් ලෙස පිලිගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සාකච්ඡා වදී සඳහන් කළේය.

එමෙන්ම දුෂණය මැඩලීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අරගලකරුවන්ට දැනුම් දෙන බවයි වැඩබලන ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan