පෙට්‍රල් – ඩීසල් ප්‍රශ්නය ග්‍රීසිය විසඳාගත් ආකාරයට අපටත් විසඳාගන්න බැරි ඇයි ?

Date:

ඉන්ධන අර්බුදය මේ වනවිට ජන ජීවිතයට අතිශයින් බරපතළ ලෙස බලපෑම් කර තිබෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ. රජයේ සේවකයින් කාර්යාලවලට කැඳවීම සීමා කර ඇත. පාසැල් පැවැත්වෙන්නේ නැත. එළවලු ගොවීන්ට තමන්ගේ අස්වැන්න ආර්ථික මධ්‍යස්ථාන කරා එවීමට නොහැකි වී ඇත. එදිනෙදා කැඩෙන තේ දළු තේ කර්මාන්තශාලා කරා යැවීමට නොහැකි වීම නිසා තේ කර්මාන්තය ඇත්තේ බරපතළ ප්‍රශ්නයක ය. කොළඹින් බැහැර ඈත ප්‍රදේශවල කඩ සාප්පුවල රාක්ක පවා කෙමෙන් හිස් වෙමින් පවතින්නේ කොළඹ සිට භාණ්ඩ ප්‍රවාහනය සීමා වී ඇති නිසාය.

මේ ආකාරයෙන් ඉදිරියට යන්නට සිදුවුවහොත් රටේ කර්මාන්ත, කෘෂිකර්මය, ව්‍යාපාර බොහෝ ගණනක් සහමුලින්ම කඩා වැටෙන්නට ඉඩ තිබේ. රෝහල්වලට අවශ්‍ය ඖෂධවත් ප්‍රවාහනය කරගන්නට නොහැකි වන්නටත් ඉඩ ඇත. දෛනික විදුලි කප්පාදුවේ පැය ගණන බොහෝසෙයින් වැඩි වී මුළුමහත් රටම නවතින තැනකට එන්නටත් බැරි නැත. තත්වයන් වර්ධනය වන ආකාරය අනුව, දරුවකු බිහිකරන්නට සිටිනා ගැබිණි මවකට රෝහලක් කරා යන්නට වාහනයක් සොයාගැනීමට නොහැකිවන, හදිසි සර්ප දෂ්ටනයකදී රෝගියා රෝහලක් කරා ගෙනයෑමට නොහැකි වන දිනය වැඩි ඈතක නොවේ.

මේ සතියේ ඉන්ධන නෞකා කිහිපයක්ම මෙරටට ලැබෙන්නට නියමිත බව ඇත්ත ය. එහෙත් දිගු කාලීනව මේ ඉන්ධන අර්බුදයට විසඳුමක් ලැබෙන පාටක්වත් පෙනෙන්නට නැති බවත් එසේම ඇත්ත ය.

මේ ඉන්ධන අර්බුදය හටගෙන ඇත්තේ අප රටක් වශයෙන් මුහුණ දී සිටින විදේශ විනිමය හිඟය නිසා බව කවුරුත් දන්නා කරුණකි. රටේ මාසික ආනයන වියදමෙන් වැඩිම කොටසක් වෙන් වන්නේ ඉන්ධන ආනයනය කිරීම සඳහා ය.

ග්‍රීසිය කළ හැටි

ග්‍රීසිය අප මෙන්ම විදේශ විනිමය අර්බුදයකට අපට පෙරම මුහුණ දුන් රටකි. එහිදී ඔවුන්ට තම ඉන්ධන ඉල්ලුම 50%කින් අඩුකරගැනීමට වුවමනා විය. ඒ සඳහා ඔවුන් කළේ ඉන්ධන මිල ඉහළ දැමීමයි. ඒ අනුව මේ වනවිට ග්‍රීසියේ පෙට්‍රල් ලීටරයක මිල ඇමරිකානු ඩොලර් 2.35 (රුපියල් 857) කි. ඩීසල් ලීටරයක මිල ඇමරිකානු ඩොලර් 2.02 (රුපියල් 737) කි.

මේ මිල ඉහළ නැංවීම හරහා රජයට වැඩිපුර ලැබුණු මුදලින් ඔවුහු පොදු ප්‍රවාහනය සඳහා සහන මිලට ඩීසල් ලබාදීමට කටයුතු කළහ. ඒ ඔස්සේ ඔවුන්ට මේ වනවිට පොදු ප්‍රවාහන ගාස්තු කොවිඩ් වසංගත තත්වය පැමිණීමට පෙර පැවති ප්‍රමාණයටත් වඩා 10%කින් අඩුකර ගැනීමට හැකිවිය.

දැන් ග්‍රීසියේ ඉන්ධන පෝලිම් නැත. පොදු ප්‍රවාහන ගාස්තු අඩුවීම නිසා ජනතාවටත් සහන සැලසී ඇත. එමෙන්ම මේ වනවිට ග්‍රීසියට විදේශ සංචාරකයින් පැමිණෙමින් සිටින අතර එරට විදේශ විනිමය ගලා ඒම් ද වැඩිවෙමින් තිබේ.

ඉහත වැඩපිළිවෙල හරහා ඔවුන්ට ඉන්ධන ඉල්ලුම 43%කින් අඩුකර ගැනීමට හැකියාව ලැබී ඇති බව සඳහන්.

අපට බැරි ඇයි ?

ශ්‍රී ලංකාවේ තත්වය සලකා බැලීමේදී දැනට පවතින මාසික ආදායම් අනුවත් අපට දින 15කට පමණ ඉන්ධන ගෙන්වා ගැනීමට මුදල් ප්‍රමාණවත් ය. ඒ අනුව අපටත් සිදුවන්නේ ඉන්ධන ඉල්ලුම 50% කින් අඩුකර ගැනීමට ය. සංචාරක කර්මාන්තය හරහා මෙරටට විදේශ විනිමය ආදායම් ලැබෙන්නට පටන් ගත්විට මෙම තත්වය ආපසු හරවා ගන්නට අපටත් හැකිවනු ඇත.

එහෙත් ප්‍රශ්නය වන්නේ මේ ඇත්ත තත්වය බලධාරීන් විසින් ජනතාවට සෘජුවම ප්‍රකාශ කර ග්‍රීසියේ වැනි විසඳුමකට නොයන්නේ මන්ද යන්නෙහි ය. අප සාමාන්‍යයෙන් “තිත්ත බෙහෙත්” වලට අකමැති ජාතියකි. එහෙත් එයින් සිදුවන්නේ රෝගය ඔඩු දිවීම ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...