රටේ මිනිස්සු අද බත් ටික කාලා ඉන්නේ අපි ආණ්ඩුවට ගිහින් ඇමතිකම් ගත්තු නිසා – අමරවීර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් ආණ්ඩුව නියෝජනය කරනු ඇති අතර තවත් කොටසක් විපක්ෂය නියෝජනය කරමින් කටයුතු කරනු ඇති බව එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

“2015 දී ජනාධිපති හැටියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉද්දීත් අපි එක කණ්ඩායමක් විපක්ෂයේ හිටියා, එක කණ්ඩායමක් ආණ්ඩුවේ හිටියා”

ප්‍රශ්නය – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂය නියෝජනය කරන පක්ෂයක් කියලා නේද කියන්නෙ ?

“කවුද කියන්නෙ ?”

ප්‍රශ්නය – නිදහස් පක්ෂයේ අය කියන්නේ විපක්ෂය නියෝජනය කරන්න ඕනෙ කියලා …

“ඔයගොල්ලෝ එහෙනම් ඔය කීපදෙනෙක්ගෙන් අහගෙන තියෙන්නෙ. අද මේ පොහොර ටික දීලා, මේ සේරම සේවාවල්වලින් රටේ මිනිස්සුන්ට අද බත් ටික කන්න පුළුවන් තත්වයක් අපි නිර්මාණය කලේ මේ ආණ්ඩුවට ගිහිල්ලා අමාත්‍ය ධුර භාරගත්තු නිසා”

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (15) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...