*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

වකුගඩු රෝගීන් අනතුරේ ද ?

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී.මැදිවත්ත මහතා සඳහන් කරන්නේ , මහනුවර රෝහලේ වකුගඩු ඒකකයේ වකුගඩු රෝගීන්ට භාවිත කරන පරිතාන කාන්දු පෙරණය සඳහා භාවිතා කරන රසායනික දියරයේ කැබලි සහිත ස්වභාවයක් තිබෙන බව විශේෂඥ වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය මණ්ඩලය රෝහල් අධ්‍යක්ෂවරයාට පැමිණිලි කර ඇති බවයි .

තව දුරටත් එස්. බී . බැදිවත්ත මහතා ප්‍රකාශ කළේ ,ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා (15) ඊයේ දිනයේ දී මහනුවර රෝහලේ වකුගඩු ඒකකයට පැමිණ ඒ පිළිබඳව සොයා බැලීමක් සිදු කර ඇති බවයි .

මේ වන විට එම දියරය භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙන බවත්,  ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද පැවසේ.

තවද, සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී.මැදිවත්ත මහතා සඳහන් කරන්නේ, Ceftriaxone ඖෂධය ලබා දීමෙන් පසුව සංකූලතාවට පත්වූ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 63ක කාන්තාවක් මහනුවර වෛද්‍ය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි .එම කාන්තාවට පසුගිය 13 වන දා මහනුවර මහ රෝහලේ 31 වාට්ටුවට ඇතුළත් කර මෙම ඖෂධය ලබා දීමෙන් පසු සංකූලතා මතු වී ඇති අතර , කාන්තාව තවමත් රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඇයට ලබාදී ඇත්තේද පසුගිය දා පේරාදෙණිය රෝහලේ දී තරුණියකට ලබා දී මිය ගිය ඖෂධයම බවත් එම ඖෂධය ඉන්දියානු ආධාර මත ලැබුණු ඖෂධයක් බවත් මැදිවත්ත මහතා පවසයි .

සංකූලතා සහිත එම ඖෂධය කොළඹ ජාතික රෝහලේ හා සෙසු කොළඹ රෝහල්වල ඇති අතර, එය චීනයෙන් ආනයනය කරන ලද ඖෂධයක් ලෙස කොළඹ ප්‍රදේශයේ භාවිත කරන බව ද ඔහු පවසයි .

සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී.මැදිවත්ත මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ, රෝහල්වල උපකරණ හිඟය හා රෝගීන්ගේ ජීවිත සුරක්ෂිත නොකිරීම හේතුවෙන් හෙට දිනයේ සිට රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan