භාතියගේ ජීවිත පූජාවට වටිනාකමක් ලබාදී අලි මිනිස් ගැටුම නැවතීමට ජනාධිපති කාර්ය සාධන බලකායක් හදන්න – සජිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

භාතිය දළ ඇතාගේ මරණයත් සමග අප රටේ ඇත් සම්පත තවදුරටත් විනාශ වන බවත් අප රටේ ඇත් සම්පත සීමාසහිත බවත් ඉන්දියාව වැනි රටක පිරිමි අලින්ගෙන් 80-90%කට දළ ඇතුන් සිටියදී අප රටේ අය 6%,7% ක් හෝ 8%ක් වැනි අඩු ප්‍රමාණයක් බවත් මේ භාතිය දළ ඇතාගේ ඝාතනයත් සමග රටේ ඇත් සම්පත ගැන අවධානය යොමු වන නමුත් මෙය අද ඊයේ නිර්මාණය නොවන්නක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දශක ගණනාවක් පුරා අප රටේ වන අලි මිනිස් ගැටුමට උත්තර විසදුම් සපයන්නේ නැති ගැටලුවක් තුළ අප රටේ ඇත් සම්පත අහිමි වෙමින් යන බවත් යාල ජාතික වන උද්‍යානයේ පොඩි පූට්ටුවා, ලොකු පූට්ටුවා, රජා වැනි ඇතුන් කලා වැව ආශ්‍රිතව සිටි ධාතුසේන හා වලගම්බා වැනි ඇතුන් හදපානාගල ඇත් පරපුර වැනි ඇතුන් අද විනාශයකට ලක්ව ඇති බවත් අද අප රටේ වන අලි මිනිස් ගැටුමට නිශ්චිත ඉලක්කගත කාලසටහන් කාලවකවානු සහිත වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

රටේ ඉඩම් පරිහරණ සැලසුමක් අවශ්‍ය බවත් වනජීවී හා වන සංරක්ෂණ කලාප හදුනා ගෙන රටේ භෞතික සැලසුම හරිත කේන්ද්‍රීය විය යුතු බවත් වන අලි මිනිස් ගැටුම නිසා අහිමි වන ජීවිතවලට සාධාරණයක් ඉටු විය යුතු බවත් මැරෙන අලි ඇතුන් ප්‍රමාණය රැකගන්නට නිශ්චිත කාර්යක්ෂම වැඩපිළිවෙළක් අවශ්‍ය වනවා සේම වගා හානි දේපල හානිවලට සොච්චම් වන්දි ලබා දී තාවකාලික විසදුම් ලබා දෙන පැලැස්තර ක්‍රියාදාම නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

භාතිය ඇතාගේ මරණයෙන් පාඩමක් ඉගෙන ගෙන වන අලි මිනිස් ගැටුමට තිරසර විසදුම් කාලසටහනක් සහිතව ලබා දෙන ගමනකට යා යුතු බවත් ඒ උදෙසා විශේෂිත වූ ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කර වන අලි මිනිස් ගැටුමට තිරසර විසදුමක් ලබා දෙන වැඩසටහනක් අද සිටම ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දීර්ඝ කාලීන මෙම ගැටලුව සම්බන්ධයෙන් පර්යේෂණ සාකච්ඡා හා සමික්ෂණ සිදුව ඇති බවත් ඒවායින් යෝජනා ඇවිත් ඇති නිසා පැහැදිලි විසදුමක් අවශ්‍ය නිසා ජනාධිපති කාර්ය සාධන බලකායක් ඇති කර විසදුම් ලබා දෙන ලෙසත් ඒ වෙනුවෙන් රජය කැපවී භාතිය ඇතාගේ ජීවිත පූජාවට යම්කිසි වටිනාකමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: ඉතාලි විලාසිතා පුරාවෘත්තයක් ලෙස නොමැකෙන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “Giorgio Armani” නික්ම යයි!

සටහන – පුලී සැප්තැම්බර් 04, කොළඹ (LNW): ඉතාලි විලාසිතා පුරාවෘත්තයක් වන...

පැරිසියේදී සෙලෙන්ස්කි සහ බටහිර නායකයින් අතර සාකච්ඡා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):රුසියාව සමඟ සාම...

යක්කල ප්‍රහාරය : පෙරටුගාමීන් දැන් අවබෝධ කරගත යුතු දේ ….

යක්කලදි පෙරටුගාමීන්ට එල්ල උන ප්‍රහාරය සම්බන්දයෙන් ආන්ඩුවට විරුද්ධ පිරිස...

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 16ක් අත්අඩංගුවේ. 06ක් සිසුවියන්!

කොළඹ LNW:නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිදුවූ බව කියන නවකවධ සිද්ධියක් සම්බන්ධයෙන්...