කොළඹ අලුත් කැසිනෝව විවෘත කිරීමේ උත්සවයට ශාරුක් ඛාන් නොඑයි !

Date:

කොළඹ “සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය සහ නවතම කැසිනෝ ශාලාව විවෘත කිරීමේ උත්සවයට සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සහභාගී නොවන බව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මෙම උත්සවය ශාරුක් ඛාන්ගේ සහභාගීත්වයෙන් අගෝස්තු 02 වනදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබිණි.

එහෙත් නොවැළැක්විය හැකි පෞද්ගලික හේතුවක් මත ඔහු ඊට සහභාගී නොවන බවයි දැනුම් දී ඇත්තේ.

කෙසේවෙතත් උත්සවයේ සංවිධායකයින් සඳහන් කරන්නේ ශාරුක් ඛාන් සහභාගී නොවූවත් “සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා” විවෘත කිරීමේ උත්සවය දේශීය සහ විදේශීය විශේෂාංග ඇතුළත්ව සුවිශේෂී ආකාරයෙන් ඉදිරියේදී පැවැත්වෙනු ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී වැඩිවිස්තර නිවේදනය කෙරෙනු ඇති බවත් ය.

ශාරුක් ඛාන් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණේ වසර 20 කට පසුව ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...