ප්‍රභාත් ජයසූරිය පකිස්තානුවන්ටත් හිසරදයක් වෙයි

Date:

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – පකිස්තාන් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද දෙවැනි දිනයයි.

ඊයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනාම දැවී ලකුණු 222 ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන පකිස්තානය මේ වනවිට පන්දුවාර 46 කදී කඩුලු 07 ක් දැවී ලකුණු 104 ක් ලබාගෙන සිටී.

ඔස්ට්‍රේලියාව සමග පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් දිනා ගනමින් සිය මංගල තරගය අමරණීය සිහිවටනයක් බවට පත්කර ගත් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය එම තරගයේදී කඩුලු 12 ක් බිඳහෙළීමට සමත් විය.

පකිස්තානයට එරෙහිවද සුපුරුදු දස්කම් අතරට පැමිණි ප්‍රභාත් මේ වනවිට දැවීගිය කඩුලු 07 න් කඩුලු 05 ක්ම සිය කඩුලු මල්ලට දමා ගැනීමට සමත්ව තිබේ. ඔහු මේ වනවිට පන්දුවාර 18 ක් ක්‍රියාත්මක කරමින් නිලකුණු පන්දුවාර 06 ක්ද සමගින් ලකුණු 41 කට කඩුලු 05 ක් දවාගෙන සිටී.

ඒ අනුව ප්‍රභාත් සිය ටෙස්ට් දිවියේ පළමු ඉනිම 03 දීම කඩුලු 05 බැගින් බිඳහෙළා තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕපා මළගෙදර ගිහින් ….

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ...

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...