ඇමරිකාව අභිබවා ගෝලීය ජනමතය චීනයට!

කොළඹ LNW: චීනය පිළිබඳ ධනාත්මක දැක්මක් සහිත ගෝලීය පුද්ගලයින්ගේ අනුපාතය පසුගිය වසර 20 තුළ ප්‍රථම වතාවට ඇමරිකාව ඉක්මවා ගොස් තිබෙන බව Pew Research මධ්‍යස්ථානය පසුගියදා නිකුත් කළ අදාළ සමීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දෙනවා.

බ්ලූම්බර්ග් වාර්තාවකට අනුව, මෙම සමීක්ෂණයෙන් පෙනී යන්නේ ඇමරිකානු ප්‍රතිරූපය ක්‍රමයෙන් පිරිහීමත් සමග, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය සහ ජර්මනිය යනාදී ඇමරිකානු සන්ධාන රටවල් ඇතුළු මෙම වසරේ සමීක්ෂණයට ලක් වූ රටවල් 36න් බහුතර රටවල් අතර චීනය ඇමරිකාවට වඩා ඉහළ ජනප්‍රසාදයක් හිමි කර ගෙන ඇති බවයි.

මෙහිදී ආසියා-පැසිෆික් සහ මැදපෙරදිග රටවල චීනයට ලබා දෙන ඉහළ ප්‍රමුඛත්වය විශේෂයෙන් කැපී පෙනෙනවා. චීනයට වඩා ඇමරිකාවට ඉහළ ශ්‍රේණිගත කිරීමක් හිමිව ඇත්තේ ඉන්දියාව, ජපානය, පිලිපීනය, දකුණු කොරියාව, ඊශ්‍රායලය සහ පෝලන්තය යන රටවල් හයකින් පමණි.

චීනය කෙරෙහි අවධානය යොමු කර ඇති තවත් Pew Research මධ්‍යස්ථානයේ සමීක්ෂණයකින් පෙනී යන්නේ, සමහර යුරෝපීය රටවල් ඇතුළු රටවල් රැසක් චීනය වෙත දක්වන ධනාත්මක ආකල්පය ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මධ්‍යම ආදායම්ලාභී රටවල් 17ක ප්‍රතිචාර දැක්වූවන් චීනයට සාපේක්ෂව ඇමරිකාව පිළිබඳව වැඩි කනස්සල්ලක් ද පළ කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...