ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය පිහිටුවීමට රටවල් 29 ක් ගිවිසුම්ගත වෙයි!

කොළඹ LNW:ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය (World Artificial Intelligence Cooperation Organization – WAICO) පිහිටුවීම සඳහා වන ගිවිසුමකට රටවල් 29 ක් අත්සන් තබා තිබෙනවා.

ඊයේ(16) ශංහයිහිදී අත්සන් තැබුණු එම ගිවිසුමට අනුව, මෙම සංවිධානය ශංහයි නගරය මූලස්ථානය කරගත් ස්වාධීන අන්තර් රාජ්‍ය ජාත්‍යන්තර සංවිධානයක් ලෙස එය ක්‍රියාත්මක වෙනවා.

චීන විදේශ අමාත්‍ය වං යී මහතා චීන රජය වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් තැබුවා.

කසක්ස්ථානය, ලාඕසය, පාකිස්ථානය, රුසියාව සහ ඉන්දුනීසියාව ඇතුළු රටවල් 29ක නියෝජිතයින් මෙම ගිවිසුමට අත්සන් තැබූ අතර, ඒ සමගම එම රටවල් ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානයේ ආරම්භක සාමාජිකයින් බවට පත් වනවා.

එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ගිවිසුමට අනුව, මෙම සංවිධානය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සුරක්ෂිත කරන අතර, පොදු ප්‍රතිලාභ වෙනුවෙන් පුළුල් උපදේශන සහ ඒකාබද්ධ දායකත්වයන් ලබා දීම සඳහා කැපවෙමින් ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයකට අනුගත වීම සහතික කර තිබෙනවා.

කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතාව සහ ගෝලීය පාලනය ප්‍රවර්ධනය මෙහි අරමුණ වන අතර, ආරක්ෂිත සහ සාධාරණ බව සහතික කරමින්, සමස්ත මානව වර්ගයාගේම යහපත උදෙසා කෘත්‍රිම බුද්ධියේ යහපත් සහ ක්‍රමානුකූල සංවර්ධනය ඵලදායී ලෙසින් දියුණු කිරීම මෙහි අපේක්ෂාවයි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...