හිටපු පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ මරණය ගැන විමර්ශනයට පොලිස් කණ්ඩායම් දෙකක්!

කොළඹ LNW:හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ මරණය පිළිබඳ විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

අද (17) උදෑසන හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා තලාහේනේ පිහිටි සිය නිවසේ දී වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබුණු අතර
ඒ සමග පොලිස් විමර්ශන ආරම්භ කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

මෙය සියදිවි නසා ගැනීමක් බව පෙනී යන නමුත් එය තහවුරු කර ගැනීම සඳහා අදාළ විමර්ශන සිදුකිරීමට නියමිතයි.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය මුල්ලේරියාව මූලික රෝහල වෙත රැගෙන විත් තිබෙන අතර සිද්ධිය කිහිප දෙනෙකුගෙන්ම මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන සති බව සඳහන්.

මිය යන විට 63 වන වියේ පසුවිය.

2020 නොවැම්බර් 26 වනදා සිට 2023 නොවැම්බර් 25 වනදා දක්වා ඔහු පොලිස්පති ධූරයේ කටයුතු කළ අතර වික්‍රමරත්න මහතා මෙරට 35 වන පොලිස්පතිවරයා වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...