*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

MURATA SAN WA SUBARASHIIDESU

දැන් ශ්‍රී ලංකාව ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ විශිෂ්ඨ දස්කම් දක්වපු එක ගැන කවුරුත් ඉහළින් කතා කරනවා.ඒත් ඒවා අස්සෙ තියෙන පීඩනයන්,වේදනාවන් දුෂ්කරතාවයන් මේ මොහොතෙ තමයි කතා කරන්න ඕනි.එහෙම නැත්නම් මේ ජයග්‍රහණ සේද මාවතක ඇවිද ගිය සුව පහසු ලෙස උපයපු ජයග්‍රහණ බවට පත්වෙනවා.


මේ තරගාවලියට මුදල් හොයා දෙන්න මලල ක්‍රීඩා සංගමය මැදිහත් වෙනවා.ක්‍රීඩා අමාත්‍යංශංය මේ දේවල් කරනවා වෙනුවට දැන් කරන්නෙ ඇමතිවරයාට මඟ පෙන්නන්න පත් කරලා ඉන්න ජාතික ක්‍රීඩා සභාව හරහා අනුන් සල්ලි වියදම් කරන්න ඕනි හැටි තීරණය කරන එක.කොරියාවේදී මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ තරගයට කණ්ඩායම් කළමණාකාරු ලෙස ගිය තරුෂිගේ පුහුණුකරුට වගකීමක් තිබුණා නියමිත වෙලාවට මිශ්‍ර සහය දිවීමේ තරගයට කණ්ඩායම භාර දෙන්න.ඒ වන විට තරුෂි මීටර් 800 නිමා කරලා සුළු වෙලාවයි.ඇය නැවත මීටර් 400 මිශ්‍ර තරගයට සූදානම් කරන්න ඇයගේ පෞද්ගලික පුහුණුකරු වූ සුසන්තට වෙලාවක් නැහැ.අතින් වියදම් කරගෙන ගිය පුහුණුකරුවන් ඒ වගකීම භාර ගන්නවා.එහෙම නොවුණනම් අපට මිශ්‍ර රන් පදක්කම නැති වෙන්නත් තිබුණා වගේම ඒක නාපු නිසා කතා නොකරන මාතෘකාවක් වෙන්නත් තිබුණා.එහෙම වෙන්නෙ අමාත්‍යංශය ශත පහක් දෙන්නෙත් නැතුව කළමණාකරුගෙ නම ඉවත් කරපු නිසයි.ඒ වගේම කාන්තා කණ්ඩායම භාර නිලධාරිණිය ලෙස නම් කරපු ගුරුවරියගෙ නමත් ඔවුන් ඉවත් කරලා තිබුණා.

මේ ජයග්‍රාහී තරග සංචාරයට මුදල් හොයා දීමෙන් ඔබ්බට මලල ක්‍රීඩා සංගමයටත් ක්‍රීඩාව වෙනුවෙන් විශාල අනුග්‍රහයක් දක්වන්න වැඩ සටහනක් නැහැ.මේ ජයග්‍රහණ පිටුපස වැඩියෙන්ම තියෙන්නෙ ක්‍රිඩකයන්ගෙ දහදිය සහ පුහුණුකරුවන්ගෙ වෙහෙසයි.එහෙම නැතුව ඒ වෙහෙසට මහන්සියට කැපවීමට ඇගයීමක් දෙන සහ වර්ධණය කරන වැඩ පිළිවෙලක් මලල ක්‍රීඩා සංගමයෙන් පේන්නත් නැහැ.ඒකට හේතුවක් වන්නෙ ඒ සංගම්වලට ආදායම් හොයන්න ඉඩක් නැහැ.අඩුම තරමේ තව ක්‍රීඩා සංගමයකින් අනුග්‍රහයක් ගන්නවත් අමාත්‍යංශයට නොකියා බැහැ.අමාත්‍යංශයෙන් ඔවුන්ට ආදායමක් උපයාගන්න පුළුවන් පහසුකමක් දෙන්නෙත් නැහැ.උදාහරණයකට ඉස්සර මලල ක්‍රීඩා සංගමය තිබුණ ගොඩනැඟිල්ලේ සාමාන්‍ය ආදායමක් ලැබෙන අවන්හලක් තිබුණා.අද මලල ක්‍රීඩා සංගමය කාමරයක් අස්සට දාලා ඒව රජයට පවරගෙන.ඇත්තටම කිව්වොත් හැකිලිලා.


ක්‍රීඩා අමාත්‍යංශය අඩුම ගණනෙ මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොළඹින් පිට පුහුණු වෙනවනම් ඔවුන් වෙනුවෙන් ජාතික සංචිතයට වෙන් කර තියෙන ආහාර දීමනාව කපා හරිනවා.ඒ ගැන අධ්‍යක්ෂ විජේරත්න කියන්නෙ ප්‍රසිද්ධ කරන්න බැරි හේතු තියෙන බව.මං හිතන්නෙ ඔහු කියුබානු ශාස්ත්‍ර ඥාණය එක්ක ඉදිරි දවසක කියයි දරුවන්ට හරියට ආහාර නොවැටීම නිසා ඇති වන කෝපයට ප්‍රතිචාර ලෙස වේගය ඉපැදේ වගේ කතාවක්.නමුත් ඇත්තම කතාව අමාත්‍යංශයෙන් කෑම ටිකවත් නොඳුන් අය තමයි මේ පදක්කම් පිටුපස හිටියෙ.හැබැයි දැන් මේ නිලධාරීන් ගුවන් තොටුපලට ගේන්න පොළඹවමින් මල් කළඹ සඳහා ගණන් අහන නිලධාරීන්නම් අද උදේ ඉදළම අමාත්‍යංශයෙ සංවර්ධන දෙපාර්තමේන්තුවේ දකින්න ලැබෙයි.ඒ වගෙම සම්බන්ධීකරණය කරලා අමාත්‍යවරයා සමඟ හමුවක් තියලා නිලධාරීන්,ජාතික ක්‍රීඩා සභාව අවුන්සයක වැඩක් නොකර හොණ්ඩර ගාණක කතා කියයි.


මේ ප්‍රවේශය දිග වැඩි වගේ.ඒත් ලිවිය යුතුම නිසා සටහන් කළා.අපේ ඇත්තම මාතෘකාව වන්නේ මේ ජයග්‍රහණ පිටුපස වෙන කෙනෙක්ට හොරකම් කරන්න බැරි විදහට මුරට හිටිය සොඳුරු ජපන් ජාතිකයෙක්.ඔහු නමින් ෂුුයෝෂි මුරාටා.

මේ කණ්ඩායමට සම්භාහකයෙක් හිටියෙ නැහැ.ඔහු තමයි ජපානයේ ඉදලා ඇවිත් ඒ අඩුව පිරෙව්වෙ.2018 දී වෛද්‍ය ධමිමික සේනානායක හරහා හඳුනාගත් සම්භාහකයෙක් එවර ජපානයට යන යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායමට හඳුනාගන්න ලැබෙනවා.ඒ වියදම් කළමණාකරණය කරන්න ශ්‍රී ලංකාවේ හිටිය කෙටි දුර ධාවකයෙක් වන ජපානයේ වෙසෙන දිනේෂ් කුමාර මුල් වෙලා මැදිහත් වෙනවා.ෂුයෝසි මුරාටා නම් වූ ඒ සොඳුරු මනුස්සයා පෙකණිවැලෙන් බැදෙන ගාණට එම සිඳුවීමෙන් පස්සෙ ශ්‍රී ලංකාව එක්ක බැඳෙනවා.මේ වෙලාවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු ජගත් සිල්වා සමඟ එකඟතාවයක් ඇති කරගෙන කිසිම පහසුකමක් දෙන්න විදිහක් නැතුව මුරාටාව ජපානයෙන් ගෙන්න ගන්න ශ්‍රී ලංකා කණ්ඩායමට පුළුවන් වෙනවා.


මලල ක්‍රීඩා සංගමයේ හිටපු ලේකම් ප්‍රේමා පින්නවල හදපු ජාත්‍යන්තර සබදතා නිසා ලෝකයත් එක්ක ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා සංගමයෙ බලධාරීන්ට හැසිරිම පහසුයි.ඒ අනුව හෝටල් වෙන් කරවා ගැනීමේදීත් යම් යම් විශේෂ මිල අඩු කිරීම් දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වෙනවා.ඒත් කණ්ඩායම අස්සේ ජපානයෙන් එන සම්භාහකයා රඳවා ගන්නෙ කොහොමද?පරිස්සමට තමන්ගෙ පහුසුකම්වල කොටසක් ඔහුට පරිත්‍යාග කරලා කණ්ඩායම ඔහුව එකට රඳවා ගන්නවා.ජයග්‍රහණ පිටුපස්සේ ඔහු වෙහෙස නොබලා විශාල වැඩ කොටසක් කරනවා.කළමණාකාරවරයා මෙන්ම සම්බන්ධ වූ පුහුණුකරුවන් දෙදෙනා ද මේ කාර්යය ඇතුළෙ හොඳ අවබෝධයකින් වැඩ කරන්න පුළුවන්,අවශ්‍යය වෙලාවට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෞද්ගලික පුහුණුකරුවන් සමඟ සම්බන්ධ වෙන්න නිහතමානි වුණ සහ කළමණාකරුටත් පුහුණු දැණුමක් තිබීමත් නිසා මුරාටාට වැඩේ කරගෙන යන්න පහසු වෙනවා.


මේ කැපවීමට මුරාටා කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ.එහෙම දෙන්න මේ කණ්ඩායමට විශාල වත්කමක් තිබුණෙත් නැහැ.හැබැයි ඔහු ශ්‍රී ලංකාවට විශාල වත්කමක් ඇති කරනවා.විශේෂයෙන් වෙහෙසකර තත්ත්වය නිසා තරුෂිගෙ පාදයේ ඉහළ කොටසේ මස්පිඩුවල ඇති වූ වේදනාකාරි තත්ත්වය සමනය කරන්න මුරාටාගේ ශිල්පීය දැණුමට හැකි වෙනවා.ඔබ ඇයගේ මිටර් 800 ඉසව්ව වගේම 400 සහය දිවීමේ ඉසව්වන්ද අප්‍රමාණ භක්තියෙන් මේ වන විට කිහිප පාරක් නරඹලා ඇති.නැවත බලනකොට ඇයගේ පාදයේ ඇති ප්ලාස්ටර් යෙදුම් ගැන සැළකිලිමත් වුණොත් ඔබට මුරාටාව පෙනෙයි.
ඊයේ රාත්‍රියේ ඔහු නැවත ජපානය බලා පිටත්ව යන්නෙ ඉතිහාසයේ වැඩිම පදක්කම් පොකුර ශ්‍රී ලංකාවට ඉතුරු කරලා දෙන්න දායක වෙලා ඒ වෙනුවෙන් කණ්ඩායමේ සියලුම දෙනා එකතු වෙලා ඔහු කළ සේවයට කිසිසේත්ම ප්‍රමාණවත් නැති පුංචි තෑග්ගක් අරගෙන.හැම දෙයක්ම මුදල් වෙච්චි ජපානයේ ඊට වඩා ක්‍රීඩාවට ලංකාවට ආදරේ කරන මනුස්සෙක් හැටියට මුරාටා ගැන මේ ජයග්‍රහණය ඇතුළෙ කවදාවත් නම නොකියවෙන නිසයි මේ සටහන ලියන්න තීරණ කළේ.


හරිනම් මේ කණ්ඩායම එක්ක වෛද්‍යවරයෙක් යවන්නත් ඕනි.2019 දී නේපාලයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් භයානක තත්ත්වය මතක ඇති කෙනෙක්ට ඒ වටිනාකම අමුතුවෙන් පැහැදිළි කරන්න අවශ්‍යය නැහැ.එහිදි මෙවර මීටර් 400 කාන්තා ඉසව්වෙන් ආසියාවම ජයගත් නදීශා රාමනායකත් ඩෙංගු රෝගයට ගොදුරු වුණා.වර්ථමානයේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානියාව සිටින වෛද්‍ය ලාල් ඒකනායක තරගාවලිය නිමා වෙලත් ලංකාවට එන්නෙ නැතුව යම් අසාධය මට්ටමක හිටිය ක්‍රීඩකයෙක් සමඟ ක්‍රිඩා නිලධාරී කිංස්ලි ගුණතිලක සමඟ නේපාලයේ නවතිනවා.ඒ වන විටත් කිංස්ලිගෙ දරුවා අසනීප වෙලා ප්‍රතිකාර ලබන මොහොතක රටේ ක්‍රීඩාව වෙනුවෙන් කරන ඒ කැපවීම නේපාල පදක්කම්ලාභින් ගැන ඉතිහාසයේ ලියැවී තිබුණාට කොතැනකවත් ලියවෙන්නෙ මතක් කරන්නෙ නැහැ.


මුරාටා ගැනත් එහෙමයි.කවද හරි දවසක මේ සටහන යළි යළිත් අන්තර්ජාලය හරහා මතු වී ඔහුගේ කෘතවේදීත්වය නැවත නැවත සිහියට නැඟෙන්නට අවශ්‍යය නිසයි මේ සටහන ලියැවෙන්නෙ.
ශීත කාලයක (FUIO) කාලයක සකුරා ගස්වල ඉතිරිවන්නේ ඉපල් පමණයි.නමුත් නැවත වසන්තය පැමිණ මල් බලන දිනය (HANAMI) උදා වන මොහොතට සෘතු වෙනස්කම් සඳහා දායක වූ මුරාටා ගැන කියන්නට ඇත්තේ මෙපමණයි.
MURATA SAN WA SUBARASHIIDESU (මුරාටා මහතා ඔබ විශිෂ්ඨයි)

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan