X-Press Pearl නෞකා අනතුරේ සාකච්ඡා සඳහා පත්කළ කණ්ඩායම අද (17) සිංගප්පූරුවට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නීතිපති සංජය රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු, X-Press Pearl නෞකා අනතුරින් වූ හානිවලට අදාළ එකඟතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය පත් කළ විශේෂ කණ්ඩායම අද (17)සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ , හෙට (18) හා අනිද්දා (19) ඊට අදාළ සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් , නෞකා සහ රක්ෂණ සමාගම්වල නීතිඥයින් සහ නිලධාරීන් ඊට එක්වීමට නියමිත බවයි.

මේ වනවිට එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ හානියට අදාළ වන්දි මුදල අමෙරිකානු ඩොලර් බිලියන 6.4 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...