මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් නිෂ්ප්‍රභ වේ.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  මිරිහානේ පිහිටි එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික නිවස ඉදිරිපිට පැවැති උද්ඝෝෂණය (ඉකුත් වසරේ මාර්තු 31 වනදා ) අතරතුරදී අත්අඩංගුවට ගත් තිදෙනෙකුගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට නොගෙන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කිරීමට අද (17) තීන්දු කළේය.

ඔවුන් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත්කර තිබුණේ , එම උද්ඝෝෂණය අතරතුරදී පොලීසිය විසින් තමන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වූ බව සඳහන් කරමිනි .

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත්කර ඇති අතර , ප්‍රීති පද්මන් සූරසේන සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!