මෙරට IMF වැඩසටහන පිළිබඳ වෙරිටේ රිසර්ච් වෙතින් සමීක්ෂණයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වෙරිටේ රිසර්ච් විශ්ලේෂණ ආයතනයට අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහන යටතේ ඉටුකළ යුතු කොන්දේසිවලින් 33ක් ජුනි මාසය අවසන් වන විට සම්පුර්ණ කර ඇති බවත්, කොන්දේසි 08ක් සපුරාලීමට අපොහොසත් වී ඇති බවත්  එම ආයතනය පවසයි.

නමුත් එම ආයතනය පවසන්නේ , බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.1% දක්වා ඉහළ නැංවීම, ඔට්ටු තැබීමේ සහ සූදු ක්‍රීඩා සඳහා බදු ඉහළ නැංවීම, රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීම සහ නව දූෂණ මර්දන පනත බලාත්මක කිරීම වැනි ඉලක්ක ශ්‍රී ලංකාව විසින් සපුරාගෙන නොමැති බවයි.

2023 මාර්තු මාසයේ 02 වැනිදා අනුමත කෙරුණු මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා වැඩසටහනේ හඳුනාගත් කොන්දේසි 100ක් වෙරිටේ රිසර්ච් මඟින් මෙලෙස සිය සමීක්ෂණයට භාජනය කර ඇත .

වෙරිටේ රිසර්ච් විශ්ලේෂණ ආයතනය පෙන්වා දෙන්නේ ,  සැප්තැම්බරයේ යෙදී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ඇගයීමට පෙර ඉන් 71%ක් සපුරාලිය යුතු බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය