ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ඇමරිකාවෙනුත් ප්‍රතිචාර!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය කඩිනමින් අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය පවසයි.

ඇය මේ බව සඳහන් කර තිබුණේ සිය ඉන්දිය සංචාරය අතරතුර මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලීන් කඩිනමින් සිදුවන්නේ නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ඔවුන්ගේ පළමු වැඩසටහන්වල පළමු ඇගයීම් අවසන් කොට ඉදිරියට යාමට හැකිවනු ඇති බවයි ඇය සඳහන් කරන්නේ.

“දැනට සිදුකළ යුතුව ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලි සඳහා පූර්ණ සහ කාලානුරූපි අන්දමින් සම්බන්ධ වන ලෙස සියලුම නිල ද්විපාර්ශ්වික ණය හිමියන් වෙත බලකර සිටීමට මම මේ සතියේදී උත්සාහා කරනවා. චීන බලධාරීන් සමඟ පසුගිය සතියේ මම සාකච්ඡා කළා. සැම්බියාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ඇතිවී තිබෙන ප්‍රගතිය පිළිබඳ අපට සතුටු විය හැකියි. ඝානාවේ සහ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලීන් කඩිනමින් අවසන් වනු ඇතැයි මම අපේක්ෂා කරනවා. ඒ මඟින් එළඹෙන ශරත් සෘතුවේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ඔවුන්ගේ පළමු වැඩසටහන්වල පළමු ඇගයීම් අවසන් කොට ඉදිරියට යාමට හැකිවේවි.”

G-20 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහබැංකු අධිපතිවරුන්ගේ හමුවක් ඉන්දියාවේ ගාන්ධිනගර්හිදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සහභාගිවීමට ඉන්දියාවට පැමිණ සිටින අතරතුරයි ජැනට් යෙලන් මහත්මිය මාධ්‍ය හමුවේ මෙම අදහස් දක්වා තිබුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...