බයිඩන්ට නැවතත් කොවිඩ්

Date:

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එකසත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් නැවත වරක් Covid-19 ධනාත්මක වී ඇති බවත් ජනාධිපතිවරයා සුළු රෝග ලක්ෂණ වලින් පෙළෙන බවත් ධවල මන්දිරය නිවේදනය කර තිබේ.

මිට ඉහත ජනාධිපතිවරයා දෙවතාවක්ම Covid-19 ධනාත්මක වී ඇති අතර ඔහුගේ මාධ්‍ය ලේකම් Karine Jean-Pierre පැවසුවේ එක්සත් ජනපද ජනාධිපතිවරයාට එන්නත් ලබා දී ඇති බවයි. ජනාධිපතිවරයාගේ වෛද්‍යවරයා වන කෙවින් ඕ’කොනර් සඳහන් කර තිබුණේ, බයිඩන්හට නාසයෙන් දියර ගැලීම සහ කැස්ස ඇතුළු ඉහළ ශ්වසන රෝග ලක්ෂණ ඇති බවත්, 81 හැවිරිදි ජනාධිපතිවරයා ඩෙලවෙයාර් හි පිහිටි ඔහුගේ නිවසේ හුදෙකලා වීමට තීරණය කර ඇති බවත්ය.

පසුගිය ජූනි මස අගදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සිදු කළ දුර්වල විවාද කාර්ය සාධනයකින් පසු බයිඩන්ගේ වයස හේතුවෙන් ඔහු ඉවත් විය යුතු බවට පක්ෂ සාමාජිකයන්ගේ දැඩි පීඩනයකට මුහුණ දී සිටින විට මෙම රෝගය පැමිණේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...