චීනයේ අලුත්ම ප්‍රතිසංස්කරණ යෝජනාව!

Date:

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය පසුගිය 15 වනදා ආරම්භ වූ අතර එය අද(18) අවසන් වුණා. එම සැසිය පැවැත්වුණේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී චීන මාදිලියේ නවීකරණය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කිරීම පිළිබඳ යෝජනාව සම්මත කිරීම විශේෂත්වයක්.

මේ අයුරින් චීනය ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කිරීමේ මූලික අරමුණු වන්නේ චීන ලක්ෂණ සහිත සමාජවාදය අඛණ්ඩව වැඩිදියුණු කිරීම බවයි වාර්තා වන්නේ.

2035 වර්ෂය වනවිට සෑම ආකාරයෙන්ම උසස් ගුණාත්මකභාවයෙන් යුත් සමාජවාදී වෙළඳපොල ආර්ථිකයක් ගොඩනැඟීම චීනයේ අරමුණ බව ද මෙහිදී සඳහන් වුණා.

එහිදී ඉදිරිපත් කළ යෝජනාවේ දක්වා ඇති ප්‍රතිසංස්කරණ සැලසුම් 2029 වසරේ දී මහජන චීන සමූහාණ්ඩුව 80 වැනි සංවත්සරය සමරන අවස්ථාව වන විට සම්පූර්ණ කළ යුතු යැයි සඳහන් වූ බවයි චීන මාධ්‍ය සමූහය වාර්තා කරන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...