*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

ආපදාවකදී පැනල ගිය අයට ආපහු තරඟ කරන්න හැකියාවක් නැහැ – රංගේ බණ්ඩාර

කොළඹ LNW:ආපදාවකදී මුහුණ දෙන්න බැරිව පැනල ගිය නායකයින්ට නැවත ජනාධිපතිවරණයට තරඟ කිරීමේ හැකියාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේය.

රංගේ බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේ අද (18) එක්සත් ජාතික පක්ෂයේ තරුණ කලාප නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන අමතමිනි.

මැතිවරණයට කිසිදු අවස්ථාවක බය නොමැති අතර මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මැතිවරණ කොමිසමෙන් ද ඉල්ලා තිබෙන බව යි ඔහු කියාසිටියේ.

”ජයග්‍රහණය කළ හැකි අවශ්‍ය තැනදී පැනලා නොගිය අභියෝග භාරගත්ත එකම නායකයා ඉන්නේ ඔබත් මමත් නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය සමඟයි. ආපදාවකදී මුහුණ දෙන්න බැරිව පැනල ගිය නායකයින්ට නැවත ජනාධිපතිවරණයට තරග කිරීමේ හැකියාවක් නැහැ. සාමාන්‍යයෙන් වෙනත් රටක නම් රාජ්‍ය නායක ධූරය හිස්වුණහම විපක්ෂය විසින් එය භාර ගතීම සාමාන්‍ය සම්ප්‍රදායයි. ඒ වගේම තමයි ජනතා විමුක්ති පෙරමුණ සතුව තිබෙන්නේ ප්‍රචණ්ඩත්වයයි කයිවාරුවයි පමණයි. චන්ද්‍රිකා බන්ඩාරණායකත් එක්ක ආණ්ඩු කරලා කැබිනට් අමාත්‍ය ධූර දැරුවා. අමාත්‍ය ධූර හතරක් අරගෙන ඒ වගේ නියෝජ්‍ය අමාත්‍යය ධූර පවා ඔවුන්ගේ දේශපාලන පක්ෂයටයි හිමිකම් හිමිවුණේ. වැව් දස දහසක් හදනවයි කියලා ප්‍රකාශ කළා. ඔබ ප්‍රදේශයේ හදපු එක වැවක් තියෙනවා නම් මට කියන්න. එක වැවක් ඉදිරි කරගන්න බැරි ඇමතිවරයෙක් තමයි අනුර කුමාර දිසානායක කියන්නේ. සංස්කෘතික කටයුතු ඇමතී විදිහට විජිත හේරත් කටයුතු කළා. අවසානයේ ඉතිරි වෙලා තියෙන්නේ ඔවුන් දළදා මාලිගාවට පහර දුන්න එක විතරයි. ධීවර අමාත්‍යංශය ඔවුන් යටතේ තිබුණා ධීවර අමාත්‍යාංශයට සිදුවූ වර්ධනයක් නැහැ. ඒ නිසා පසුගිය කාල පරිච්ඡේදය තුළම ඔවුන් මේ රටට දැනෙන කිසි දෙයක් ඉටු කරලා නැහැ.

අනිත් පැත්තෙන් සජිත් ප්‍රේමදාසගේ ජීවිතය ගැන බැලුවොත් හැමදාම කවුරුහරි බිල්ලට දීලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය තුළ විශාල අර්බුදයක් නිර්මාණය කරලා රනිල් වික්‍රමසිංහ පරයා ඔහුට බලයට එන්නට අවශ්‍යයි කියලා නායකත්වයට එන්නට උත්සාහ දැරුවා. ඒ වගේ මේ මොහොතෙදි කෘත්‍යාධිකාරී මණ්ඩලය පමණක් නෙමෙයි පාර්ලිමේන්තු කණ්ඩායමත් එකතු කරලා ඡන්දයක් පවත්වලා නායකත්වය තීරණය කළ යුතුයි කියලා ප්‍රකාශ කළා. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා ඒ යෝජනාවටත් එකඟ වුණා. නමුත් සියල්ලක්ම සිද්ධ වෙලා ඡන්දය පවත්වන දිනය වෙද්දි ඒ මොහොතේ පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කරපු කරූ ජයසූරිය මහත්මයාව ඉදිරියට තියලා සජිත් ප්‍රේමදාස පැත්තකට වෙලා ඇඟ බේරගන්නවා. අවසානයේ ඡන්දය තිබුණා. පක්ෂය ඇතුලේ කරු ජයසූරිය මැතිතුමාට පරාජය අත්වුණා. 2022 අගමැතිකම භාරගන්න කියලා ආරාධනා කරද්දි ඒක භාරගන්නේ නැතුව කොන්දේසි දානවයි කියලා ලියුම් ලිව්වා. රට ගිනිගෙන, රූපවාහිනිය අරගලකරුවන් විසින් අරගෙන, අග්‍රාමාත්‍ය කාර්යාලය අල්ලගෙන, රට පාලනය කරේ රැට්ට වගේ. ගෙදර හොරෙක් ආපුවහම තුවක්කුවයි පතුරන් තියාගෙන ඒක ලයිසන් එක හොය හොය ඉඳලා වැඩක් නැහැ. හොරාට වෙඩි තියන එකයි කරන්න තියෙන්නේ. සජිත් ප්‍රේමදාස ඒ වෙලාවේ ගිහිල්ලා තුවක්කුවේ ලයිසන් එක හොයනවා.

පසුගිය කාලයේ තිබුණ අලුත්ම නාට්‍යය තමයි රූපවාහිනී විවාදය කියන්නේ. සති ගානක් තිස්සේ විවිධ කතා කියමින් විවිධ කණ්ඩායම්වල නම් යෝජනා කරමින් විවාදයක් කිරීම මගහැරියා. ස්වාධීන රූපවාහිනිය විවාදය ලෑස්ති කරලා කරාට පස්සේ ඒක මගහැර ගියා. දැන් ජනාධිපතිවරණය එද්දි අපි ජනාධිපතිවරණය මගහරින්න හදනවායි කියලා චෝදනා කරනවා. අපේ පක්ෂයේ ඉන්නේ අභියෝග භාරගත් නායකයෙක් කියන එක මතක තබාගත යුතුයි. ඒ අභියෝග ඉදිරියේදී භාරගන්නවා පමණක් නොවෙයි, මේ රටේ වාර්තාගත ඡන්ද ලක්ෂ හැට නමයට එහා ගිය ඡන්ද ප්‍රමාණයක් අරගෙන මේ රටේ නව වන විධායක ජනාධිපතිවරයා විදිහට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත්වෙනවා.” යනුවෙන් රංගේ බණ්ඩාර මහතා තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan