සිනමා අහසට නැඟෙන ළමයින්ගේ සිහින සරුංගල්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 18, (LNW) කොළඹ :

සිහින සරුංගල් දරුවා ගේ සැහැල්ලු මනසට සාරවත් අදහසක් ඇති කිරීමේ පරමාර්ථයෙන් ලියැවි සිනමා ගෙත්තමකි.එය සනත් භාෂ්වර කරුණාරත්නගේ තිර ගෙත්තමක් වන අතර එය රුපමය මාධ්‍යයේ දිග හැරෙන්නේ උපුල් වීරසිංහගේ (උපුල් මාමා) සහ තාරක අධිකාරිගේ අධ්‍යක්ෂණයෙන්ය.

මව්පියන් කුඩාකල්හි ම අහිමි ව තම සීයා සමග දරිද්‍රතාවෙන් හා සමාජ පීඩනයන්ගෙන් බැටකමින් ගෙවන දිවියෙහි කටුක අදුරු පැතිකඩයන්හා අභිමුඛවෙමින් හෙට දවසේ ජිවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් සිහින දකිනා හා ක්‍රියාකරනා දරුවෙක්ගේ දරුවෙක්ගේ ජීවිතය සංදර්භය කර ගනිමින් “සිහින සරුංගල්” ළමා චිත්‍රපටය නිර්මාණය වී ඇත.

සතිස්චන්ද්‍ර එදිරිසිංහ ,හේමසිරි ලියනගේ,රොෂාන් රණවන,ශිරෝමිකා ප්‍රනාන්දු, කුමාර තිරිමාදුර,ක්ලීටස් මෙන්ඩිස්,ආනන්ද අතුකෝරළ,ජනක රණසිංහ ආදී කොටගත් ජනප්‍රිය,ප්‍රවීණ රූපණ ශිල්පීන් ශිල්පිණියන් සහ ප්‍රතිභාසම්පන්න ළමා නළු නිළියන් ප්‍රමුඛ ව කෙරෙන “සිහින සරුංගල්” ළමයින්ට පමණක් නොව වැඩිහිටි ප්‍රේක්ෂකයාට නව්‍යමය අත්දැකීමක් වනු නිසැකය.
පාසල් අධ්‍යාපනයේ සීමාවන් ඉක්මවාලමින්පරිකල්පනය මෙහෙයවන්නා වූ දරුවෙකුගේ ක්‍රියාකාරකම් හා ප්‍රබල කතා වින්‍යාශයක් සහිත සිදුවීම් ඔස්සේ ගලා යන “සිහින සරුංගල්” කලකට ඔබේ සිත් අහසේ රැඳෙන සිනමා සිත්තමක් කරන්නට මේ දිනවල ඊට සම්බන්ධ සියලුම ශිල්පීන් අවිස්සාවේල්ලට නුදුරු තැනෙක දිවා රෑ වෙහෙසෙමින් රූ ගත් කරමින් සිටින අතර බොහෝ විට එළැඹෙන 2025 වසරේදී එය සිනමා තිරය මත ඇඳෙන අපූරු සිනමා ආස්වාදයක් බවට ප්‍රේක්ෂකයා වෙත සමීප වෙනු ඇත.

මේ සිනමා සත්කාර්යට සත්භාවයෙන් අර්ථපතිත්වය දක්වන්නේ නවීන් රත්නායකය.ඔහුට නිෂ්පාදනයෙන් රෝහණ වන්නිආරච්චිගේ සහය ලැබෙන අතර මේ සියලු උත්සාහයන්ට රූපමය අරුතක් දෙන්නට වෙහෙසෙන කැමරා අධ්‍යක්ෂණය මංජුල පද්මකුමාරගෙන්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...