රුපියල් 20 කින් තෙල් මිල අඩු කරලා ජනතාව මුළා කරන්න එපා බැරිනං අපිට දෙන්න !

Date:

ජනතාව ඉතා දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටියදී රුපියල් 10 කින් 20 කින් ඉන්ධන මිල පහත දැමීම ජනතාව මුලා කිරීමක් බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

ඛනිජ තෙල් සංස්ථාව ඉතා අසාධාරණ ලෙස ජනතාවගේ මුදල් ගසාකමින් සිටින බව පෙන්වා දෙන සභාපතිවරයා පවසන්නේ ජනතාවට සහන සැළසීමට සැබෑ වුවමනාවක් තිබේ නම් ඊට වඩා වැඩි ප්‍රමාණයකින් මිල පහත දැමිය යුතු බවයි ඔහු පවසන්නේ.

ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දුන් නමුත් එය නිශ්චිත ක්‍රමවේදයක් අනුව සකස් කළ මිල සූත්‍රයක් නොවන බවද ජනක රත්නායක මහතා සඳහන් කරනවා.

මිල තීරණය කිරීමට මෙන්ම ඉන්ධනවල ප්‍රමිතිය තීරණය කිරීමට ඛනිජ තෙල් සංස්ථාවට නොහැකි නම් ඉන්ධන නියාමනයද මහජන උපයෝගීතා කොමිසමට බාර දෙන්නැයි ජනක රත්නායක මහතා රජයෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන්ද පසුගිය දිනවලදී කතාබහට ලක් වූ අතර මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පවසන්නේ මිල සංශෝධනය සම්බන්ධයෙන් ලබන 28 වැනිදා අවසන් තීරණය ගන්නා බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...

ටැන්සානියාවට ඇඳිරි නීතිය: අන්තර්ජාල සබඳතාද අවහිර කරයි.

රෂිකා හෙන්නායක 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දින 3ක් පුරා...

අලුත් නියෝජ්‍ය ඇමතිලත් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!

කොළඹ LNW:මෑතකදී පත් කෙරුණු නියෝජ්‍ය අමාත්‍යවරුන් හය දෙනාද පාර්ලිමේන්තු...