රුපියල් 20 කින් තෙල් මිල අඩු කරලා ජනතාව මුළා කරන්න එපා බැරිනං අපිට දෙන්න !

Date:

ජනතාව ඉතා දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටියදී රුපියල් 10 කින් 20 කින් ඉන්ධන මිල පහත දැමීම ජනතාව මුලා කිරීමක් බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

ඛනිජ තෙල් සංස්ථාව ඉතා අසාධාරණ ලෙස ජනතාවගේ මුදල් ගසාකමින් සිටින බව පෙන්වා දෙන සභාපතිවරයා පවසන්නේ ජනතාවට සහන සැළසීමට සැබෑ වුවමනාවක් තිබේ නම් ඊට වඩා වැඩි ප්‍රමාණයකින් මිල පහත දැමිය යුතු බවයි ඔහු පවසන්නේ.

ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දුන් නමුත් එය නිශ්චිත ක්‍රමවේදයක් අනුව සකස් කළ මිල සූත්‍රයක් නොවන බවද ජනක රත්නායක මහතා සඳහන් කරනවා.

මිල තීරණය කිරීමට මෙන්ම ඉන්ධනවල ප්‍රමිතිය තීරණය කිරීමට ඛනිජ තෙල් සංස්ථාවට නොහැකි නම් ඉන්ධන නියාමනයද මහජන උපයෝගීතා කොමිසමට බාර දෙන්නැයි ජනක රත්නායක මහතා රජයෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන්ද පසුගිය දිනවලදී කතාබහට ලක් වූ අතර මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පවසන්නේ මිල සංශෝධනය සම්බන්ධයෙන් ලබන 28 වැනිදා අවසන් තීරණය ගන්නා බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...