මීලඟ ජනාධිපති කවුද ? තවමත් සාකච්ඡා පිට සාකච්ඡා !

Date:

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරයට සුදුසු පුද්ගලයෙකු තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අනිද්දා පැවැත්වේ. නාමයෝජනා ඉදිරිපත් කිරීම හෙට උදෑසන පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේදී සහාය ලබාදෙන්නේ කාටද යන්න සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ මෙන්ම මැති ඇමති කණ්ඩායම් අතර සාකච්ඡා තවදුරටත් පැවැත්වේ.

පාර්ලිමේන්තුවේ විශාලතම කණ්ඩායම වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවක් අද පැවැත්විණි. සාකච්ඡාව අවසානයේදී මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ නාමයෝජනා ලබාදීමෙන් පසු සහාය දෙන අපේක්ෂකයා තීරණය කරන බවයි.

මේ අතර ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පක්ෂ 09 කණ්ඩායම අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය. මේ සඳහා විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ප්‍රේම්නාත් සී. දොලවත්ත ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වී තිබෙනවා. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා තිබෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීම සඳහා තමාට සහයෝගය ලබාදෙන ලෙසයි.

කෙසේ නමුත් ස්වාධීන පක්ෂ එකමුතුව තවමත් නිශ්චිත තීරණයකට එළඹ නොමැත. ඔවුන් පවසන්නේ හෙට දිනයේදී සහාය දෙන අපේක්ෂකයා පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවයි. එම පක්ෂ එකමුතුව කරුණු කිහිපයක් ඇතුළත් ප්‍රකාශනයක් සකස් කර ඇති අතර එම ප්‍රකාශනයට එකඟ වන අපේක්ෂකයාට සහයෝගය ලබාදෙන බව ඔවුන් පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...