ලෝක කුසලාන ශූරයින්ට FIFA වෙතින් ඉතිහාසගත ‘Champion Rings’ තෑග්ගක්! 

සටහන – පුලී

ජූලි 18, LNW (කොළඹ): ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඉරිදා පැවැත්වීමට නියමිත ආර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤය අතර අවසන් මහා තරගයේ ජයග්‍රාහකයින්ට FIFA විසින් විශේෂ World Cup Champion Rings ප්‍රදානය කිරීමට නියමිතය. මෙම අවසන් තරගයට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සහභාගී වී ජයග්‍රාහී කණ්ඩායමට කුසලානය ප්‍රදානය කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජයග්‍රාහකයින්ට විශේෂ මුදු (Champion Rings) ප්‍රදානය කිරීම ඇමරිකානු ක්‍රීඩා සම්ප්‍රදායක ප්‍රසිද්ධ අංගයකි. විශේෂයෙන් NFL Super Bowl ශූරයින්ට මෙවැනි මුදු පිරිනැමීම වසර ගණනාවක් පුරා සිදුකරන අතර, FIFA ලෝක කුසලාන ඉතිහාසයේද මෙවැනි සංකල්පයක් හඳුන්වා දීම විශේෂත්වයකි.

මෙවර ලෝක ශූරයින් සඳහා විශේෂ මුදු 30ක් නිෂ්පාදනය කෙරෙන අතර, තවත් මුදු 1,996ක් ලොව පුරා සිටින පාපන්දු රසිකයින්ට මිලදී ගැනීම සඳහා නිකුත් කිරීමට සැලසුම් කර ඇත. සෑම මුදුවකම කුඩා World Cup කුසලානයක හැඩය ඇතුළත් වන අතර, මුදුවේ ඇතුළත කොටසෙහි විශේෂ කැටයමක් (engraving) ද ඇතුළත් වේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා පැවැති තරග 102න් කිසිවකට සහභාගී වී නොමැත. එමෙන්ම, එක්සත් ජනපද කණ්ඩායම බෙල්ජියම හමුවේ අවසන් 16 දෙනාගේ වටයෙන් ඉවත් වූ තරගයද ඔහු නරඹා නොමැති බව සඳහන්.

අවසන් මහා තරගය පැවැත්වෙන නිව්යෝර්ක්හි MetLife ක්‍රීඩාංගණය ආශ්‍රිතව කැනඩාවේ වනාන්තර ගිනි ගැනීම් හේතුවෙන් වායු තත්ත්වය සම්බන්ධ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණද, එම තත්ත්වය තරගයට බලපෑමක් ඇති කරනු ඇතැයි මේ වන විට කිසිදු නිල වාර්තාවක් නොමැත.

FIFA සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ මීට පෙරම ට්‍රම්ප් අවසන් තරගයට සහභාගී වන බව ප්‍රකාශ කර තිබූ අතර, ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා කැරොලින් ලෙවිට් ද එය තහවුරු කර තිබේ.

මෙවර තරගාවලියේ වැඩිම අවධානයට ලක්වූ සිදුවීම් අතරින් එකක් වූයේ, ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් FIFA සභාපති ඉන්ෆැන්ටිනෝ අමතා, එක්සත් ජනපදයේ ප්‍රහාරක ක්‍රීඩක ෆොලරින් බලොගුන්ට ලබාදුන් රතු කාඩ්පත සම්බන්ධයෙන් නැවත සමාලෝචනයක් සිදුකරන ලෙස ඉල්ලීමයි. එම සිදුවීම FIFA සහ ධවල මන්දිරය අතර සබඳතා පිළිබඳව ද විශාල කතාබහක් ඇති කරන්නට විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...