වම ආගමිකකරණය වීම ….

Date:

වාමාංශික දර්ශනය මුලින්ම ලංකාවට රැගෙන ආවේ මධ්‍යම පන්තියේ ඉහල කොටස් විසිනි. ඒ නිසා එහි මාක්ස්වාදී අන්තර්ගතයන් එලෙසම තිබින.

නමුත් පස්සෙ කාලයකදී මේ වාම වාදය ජ.වි.පෙ. සමඟ ගැමි මහපොලොවට ආසක්ත වූවිට ගැමි මහපොලොවේ තිබූ බොහෝ දෑ සමඟ එය කලවම් විනි.

බුදු දහම යනු ලාංකීය මහපොලොවේ වසර දහස්ගානක් තිබූ දර්ශනයකි. එහිදී එයටම බද්ධවූ බෞද්ධ සාහිත්‍ය යනු ලාංකීය මිනිසාගේ ජානවලටම ඇතුලත්වී ඇති මනෝබාවයන් පද්දතියකි. ඒ අනුව ජ.වි.පෙ. වම බිමේ පැලකිරීමට යාමේදී ගැමි මහපොලොවේ තිබූ බෞද්ධ සාහිත්‍යයේ බොහෝ දෑද ජ.වි.පෙ. මහපොලොවේ පැලකිරීමට ගෙනා වාමාංශික අදහස් වලට මිශ්‍රවූ බව පෙනේ…

මෙහිදී ජ.වි.පෙ. විසින් ඔවුන්ගේ පක්ෂයේ ප්‍රවර්ධනය පිනිස කැපවී වැඩකල යුතු ෆුල්ටයිම් කාඩර්වරයාගේ දිවි පෙවෙත බොහෝදුරට නිර්මාණය කර ඇත්තේ බික්ෂුවගේ චරිතය ආශ්‍රයෙනි..

එහිදී මේ ෆුල්ටයිම් කාඩර්වරයා පෞත්ගලික ජීවිතයෙන් ඈත්ව අල්පේච්ච අසිප් ජීවිතයක් ගතකල යුතුවිය..ඔහු ජීවත්විය යුතුව තිබුනේ විමුක්තිය වෙනුවෙනි..

එහිදී ඔහු නිර්ධන ලෝකසත්වයා ගලවාගැනීමේ පන්ති පහේ විමුක්තිය ගැන දේශනා කරමින් බහුජන හිතාය බහුජන සුකාය පිනිස ලැබුන කෑමක් කමින් ලැබුන ඇඳුමක් අඳිමින් චරනය කල යුතුවිය..

එසේම මෙහිදී ක්‍රමක්‍රමයෙන් පක්ෂයේ නායකයාවද සිහිනෙන්වත් වරදක් නොකරන මුනිවරයෙකු ගේ මට්ටමටම එසවින..එහිදී නායකයාගේ මරණෙන් පසුවද ආගමික උත්සවයක් සේ නායකයාගේ අනන්ත ගුණ කඳ වැයෙන සැමරුම්, මල් පූජාවන්, වාර්ශිකව සම්ප්‍රදායක් සේ රටපුරා පැවැත්වෙයි..

මර්ධනය හමුවේ පක්ෂ නායක කාඩර්වරු වදකාරවලදී මුහුණ දෙන වදබන්දන ඔවුන් සමාන කලේ බෞද්ධ සාහිත්‍යයයේ එන ඇස්, හිස්, මස්, ලේ, දන්දීම් වලටය. මරණය ජීවිත පූජාවකි. එහිදී ඔවුන්ට අනුව කොමියුනිස්ට් සමාජය යනු කැපවීම් හා පෙරුම්දම් පිරීමෙන් ලබාගත යුත්තකි.

එසේම මාක්ස්ගේ විද්‍යාත්මක කොමිනිස්ට් ක්‍රමය ඔවුන් ලංකාව තුලදී සිතුපැතූ සියල්ල ඇති කේතුමතී රාජ්‍ය‍ය වැනි යුතෝපියානු සංකල්පයක් බවට පරිවර්තනය කර ඇතිබවක් ද පෙනෙන්නට තිබේ.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම අධිවේගී මාර්ගයේ අනතුරක් : අයෙක් මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW : මධ්‍යම අධිවේගී මාර්ගයේ...

කවීජගේ ශතකය දුවද්දී දැවීම්වලින් පරාජය කළ පසු ආකාශ්ගේ දඟ පන්දුවට අවසාන මොහොතේදී ජයක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 03, කොළඹ LNW: බටහිර ඉන්දීය කොදෙව් දූපත්...

චීනයේ මෙතෙක් පැවති විශාලතම ජයග්‍රාහී දින පෙළපාළියේ ෂී, පුටින් සහ කිම් ජොන් උන් එක පෙළට (VIDEO)

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් මස 03:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දෙවන ලෝක යුද්ධයේදී ජපානය...

ලංකාවේ කවුරුත් නොගිය තැනකට රනිත්මා පැමිණෙයි – විරේන්ටත් 58 වන තැන

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 03, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික බැඩිමින්ටන්...