*
Saturday, October 12, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 07/18

  1. මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කර ඇති ද යන්න සොයා බැලීම සඳහා තේරීම්කාරක සභාවක් පත් කිරීමේ අරමුණින් පක්ෂ නායකයන් විසින් මෝසමක් අනුමත කරගෙන ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර විසින් පවසා ඇති බවට පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය සඳහන් කරයි: රජයේ නිලධාරීන් බිය වැද්දීමට රජය ක්‍රියාකරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.
  2. වේයන්ගොඩ දාරළුව ප්‍රදේශයේ මධ්‍යම අධිවේගී මාර්ගය ගමන් කරන කලාපයේ පිහිටා තිබූ Crudia zeylanica හෙවත් වහරේ හඳුන්වන “පඬු කරඳ” නම් අන්තරායට ලක්ව ඇති ශාකය කපා ඉවත් කිරීමට අදාළව එළඹෙන ජූලි 21 වන දින අධිකරණය හමුවේ කරුණු දක්වන මෙන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය ගම්පහ භාර වනජීවී නිලධාරියාට නියෝග කරයි: මීට ඉහත අවස්ථාවක, අදාළ ශාකය කපා ඉවත් කරනු ලැබුවේ කැබිනට් මණ්ඩලයේ තීරණයක් මත බවට මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් පවසා තිබිණි.
  3. ගතවූ කාර්තු 04 (2022 දෙවන, තුන්වන හා සිව්වන කාර්තු, සහ 2023 පළමු කාර්තුව) තුළ ආර්ථිකය දැවැන්ත අන්දමින් හැකිලී ඇති බවට සංගණන දෙපාර්තමේන්තු දත්ත විසින් පෙන්නුම් කරද්දී, 2023 පළමු අර්ධය තුළ ශ්‍රී ලංකාව විසින් බදු ලෙස රු. බිලියන 697 ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි: මෙය 2022 වසරේ එම කාලසීමාවේ දී පැවති රු. බිලියන 362 ට වඩා රු. බිලියන 335 කින් 92% ක ඉහළ යාමක් බව පවසයි.
  4. දිනෙන් දින ඉහළ යන ජීවන වියදම සමඟ කටයුතු කිරීම සඳහා බිම් මට්ටමේ සහ මධ්‍යම-ආදායම්ලාභීන් “අරගලයක යෙදෙමින් සිටින” බව ඔවුන්ගේ සම්මුඛ සාකච්ඡාවලින් පෙනී යන බව දිවයිනේ ප්‍රසිද්ධ දේශීය පුවත්පතක් අනාවරණය කරයි: මෙවන් තත්ත්වයක් තුළ බොහෝ කුටුම්භවල දෛනික ජීවිතය ඇණහිට ඇති බව ද පවසයි.
  5. ගතවූ කාලසීමාව තුළ රජයේ රෝහල්වලින් වාර්තා වූ මරණ සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු පිළිබඳ සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් මහාචාර්ය චන්දිම ජීවන්දර ගේ සභාපතිත්වයෙන් යුතු පංච-පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.
  6. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නව පොහොර ප්‍රතිපත්තිය නිසා, වසර 10 කට පසු යල කන්නයේදී කුඹුරු හෙක්ටයාර 512,000 ක් අස්වද්දන්නට හැකිවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි: කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ, 2025 වන විට රටේ පරිභෝජනයේ කෘෂිකාර්මික නිෂ්පාදනයෙන් 80% ක් ලබා ගැනීමට සැලසුම් කර තිබෙන බව ද පවසයි.
  7. පැය 12 ක වැඩ දිනයක් හඳුන්වා දීමට රජය සැලසුම් කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, ජාතික ජන බලවේගයේ පා.ම. විජිත හේරත් පවසයි: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවය මත සාප්පු හා කාර්යාල සේවක පනත, පඩිපාලක මණ්ඩල ආඥාපනත ඇතුළු පනත් 13ක් අහෝසි කරමින් සේවකයන්ගේ නීත්‍යානුකූල අයිතීන් අහිමි කිරීමට රජය උත්සාහ දරන බවට ද චෝදනා කරයි.
  8. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව තිබෙන කනගාටුදායක තත්ත්වයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ දූෂණය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි: බරපතල චෝදනාවලට ලක්ව සිටින නිලධාරීන් සේවයෙන් පහකර තම අවංකභාවය පෙන්වන මෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි: වෘත්තීය සංවිධාන විසින් නිකුත් පිට පිට නිකුත් කර ඇති අනතුරු ඇඟවීම් සෞඛ්‍ය නිලධාරීන් විසින් නොසලකා හැර ඇති බව ද පවසයි.
  9. ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) විසින් පක්ෂපාතී සහ තෝරාගත් ප්‍රවේශයන් මත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බෞද්ධ නීතීඥ සංගමය (SLBLA) ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය තරයේ හෙළා දකින බව එම සංගමයේ සභාපති උදිත එගලහේවා පවසයි: එහෙත්, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය දරන මතය හා තම සංගමය එකඟ වන බව ද පවසයි.
  10. සිරිමා-ශාස්ත්‍රි ගිවිසුම යටතේ ඉන්දියාවට යවන ලද ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයන් දශක 6කට වැඩි කාලයක් අනාරක්ෂිත තත්ත්වයන් යටතේ ජීවත් වන බව ඉන්දියාවේ තිරුචිරප්පල්ලි නගරයේ පිහිටා ඇති “Indian Origin Upcountry Tamils Front” සංවිධානයේ සභාපති එම්.එස්. සෙල්වරාජ් පවසයි: ඔවුන් මුහුණපාන දුක්කම්කටොළු, සමාජ-ආර්ථික පසුගාමීත්වය, සහ ඔවුන්ගේ පවුල් කැඩී ගොස් තිබීම ජාත්‍යන්තර අධිකරණය හමුවේ විභාග කිරීම සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය විසින් ජාත්‍යන්තර මැදිහත්වීමක් සිදුකළ යුතුව ඇති බව ද අවධාරණය කරයි: මෙම හමුවට දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක, සමඟි ජන බලවේගයේ පා.ම. මනෝ ගනේෂන් ද සහභාගී වී තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan