*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

මේ රෝසමල් යහනාවක යන ගමනක් නෙමෙයි – කෙහෙලිය කියයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මිලියන 22කගේ නිදහස් සෞඛ්‍යයට මේ ගහන ප්‍රහාරයට මුහුණදෙන්න සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල  මහතා පවසයි .

රටට නිවැරදි තත්ත්වයන් ඉදිරිපත් කරන්න කිසිවෙකුටත් බැරි බවත් ,  ඒ සම්බන්ධව ඉන්න අති විශිෂ්ට විශේෂඥයෝ  අද එම  කර්තව්‍ය භාරගෙන ඉන්නා බවත් අමාත්‍යවරයා පවසයි .
රෝසමල් යහනාවක යන ගමනක් නොවන බවත්  ඉතාමත් අභියෝගාත්මක දෙයක් බවත් අමාත්‍යවරයා පැවසීය

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍යවරයා ,

මාධ්‍යවේදියා – ඉස්පිරිතාල ඉස්සරහට ගිහින් වෛද්‍යවරු, රෝගීන්, වෘත්තීකයින් අස්වෙන්න කියනවා. අස්වෙනවා ද?

“100ක් 200ක් ඇවිත් කිව්ව පළියට අස්වෙන්න නම් සාධාරණ හේතුවක් තියෙන්න ඕනේ. බොහෝම පැහැදිලිව කියන්නට ඕනේ මේ සම්බන්ධව සුළුවට තකන එක නෙමෙයි මගේ අදහස. ඒ සම්බන්ධයෙන් සංවේදී නොවන එක නෙමෙයි. මේ හැමදේකටම අපි සංවේදි වෙන්නත් ඕනේ. මිලියන 22කගේ නිදහස් සෞඛ්‍යයට මේ ගහන ප්‍රහාරයට මුහුණදෙන්න ඕනේ. ඒකට මම සුදානම්.”

ප්‍රශ්නය – මට කියන්න කවුද කුමන්ත්‍රණකරුවා කියලා…?

“කුමන්ත්‍රණකරුවා දන්නවා නම් මම බෙල්ලෙන් අල්ලාගෙන එනවා. CIDයට භාරදෙනවා හෙටම. ඒක සම්බන්ධව තමා මේ වෙනකොට අවශ්‍ය ආයතන, කණ්ඩායම් එක්ක අපි කටයුතු කරගෙන යන්නේ. ඒක මට මේ වෙලාවේ කියන්න බෑ.”

ප්‍රශ්නය – ලංකාවේ නිදහස් සෞඛ්‍ය විනාශ කරන්න කාටද උවමනාව තියෙන්නේ ?

“ඒක ඉතින් ඔබතුමාට තේරෙන්න එපැයි මෙතෙන ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේක විනාශ කරන්න හදන පාපතරයෝ ඉන්නවා. නිදහස් සෞඛ්‍ය සම්බන්ධව සැකයක් ඇති කිරීමේ උවමනාවක් තියෙන කෙනෙකුට නම්, එය නිවැරදි කිරීමේ හැකියාවකුත් අපිට තියෙනවා. රටට නිවැරදි තත්ත්වයන් ඉදිරිපත් කරන්න ඔබටත් මටත් කරන්න බෑ. ඒ සම්බන්ධව ඉන්න අති විශිෂ්ට විශේෂඥයෝ තමා අද ඒ කර්තව්‍ය භාරගෙන ඉන්නේ. මේක මේ රෝසමල් යහනාවක යන ගමනක් නෙමෙයි. ඉතාමත් අභියෝගාත්මක වැඩක්.”

දෙරණ 360° වැඩසටහන ඇසුරිනි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan