අසාත්මිකතා හේතුවෙන් මිය ගිය අයගේ පරීක්ෂණ වාර්තා සති 03 කින්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය දා එකපෙළට සිදුවූ අසාත්මිකතා හේතුවෙන් රෝගීන් කිහිපදෙනෙකු මියයාමේ සිද්ධීන් පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය අමත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල මහත සමාජිකයින් 06 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළ අතර, අසාත්මිකතා හේතුවෙන් රෝගීන් කිහිපදෙනෙකු මියයාමේ සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ වාර්තාව සති 3 කින් පමණ ලබාදීමට බලාපොරොත්තුවන බව කමිටු සමාජික වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

මෙම සිද්ධීන්  පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව අද (18) රැස්වී ඒ සම්බන්ධයෙන් වන ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කරන බව වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා එම කමිටුවේ සභාපතිත්වය දරනු ලබයි.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ගැබිණි මවක ඇතුළු කාන්තාවන් දෙදෙනෙකු නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසුව මියයාම මෙන්ම උදරාබාධයකට ප්‍රතිකාර ලබන අතරවාරයේ 21 හැවිරිදි තරුණියක මිය යාම ද මෙම සොයා බැලීමට තුඩු දුන් ප්‍රධාන හේතු වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අප්‍රිකාවේ නිධානය කපිතාන් ඉබ්‍රහිම් ට්‍රෝරේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රිකාවේ අතිශය ජනප්‍රිය බුර්කිනා...

සිරියානු හමුදාව සහ SDF අතර සටන් විරාමය දීර්ඝ කෙරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියානු රජයේ...

මාරාන්තික උපවාසයක නිරත වන උමර් කාලිඩ්ට සහය දැක්වූ පලස්තීන ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යයේ වර්ම්වුඩ් ස්ක්‍රබ්ස්...