ජනාධිපති සහ උතුරේ දෙමළ දේශපාලන පක්ෂ අතර සාකච්ඡාවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද පස්වරු 3.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරේ දෙමළ දේශපාලන පක්ෂ අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට ප්‍රථම මෙම හමුව පැවැත්වීම විශේෂත්වයක් වන අතර, මෙම සාකච්ඡාව සදහා උතුරු නැගෙනහිර සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් සඳහා ආරාධනා කර ඇති බව වාර්තා වේ.

මෙහිදී උතුරු නැගෙනහිර පළාත්වලට බලය බෙදාහැරීම සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත්, ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් මෙන්ම දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව දෙමළ දේශපාලන පක්ෂ පවසයි .

ඉන්දීය ධීවර ගැටලුව හේතුවෙන් මෙරට ධීවරයින් මුහුණදෙන ගැටලු පිළිබදව සහ ඊට ලබාදිය හැකි කඩිනම් විසඳුම් සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත අතර දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා මින් පෙරද පැවැත්වුණි. එහිදී  ගන්නා ලද තීරණ සහ එකඟතාවල ප්‍රගතිය සම්බන්ධයෙන් ද අද (18) සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් ප්‍රකාශ කළේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...