*
Tuesday, November 26, 2024
spot_img

Latest Posts

ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීම ලබන සතියේ !

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරණයේ නාමයෝජනා බාරගන්නා දිනය සහ ඡන්ද විමසීම් දිනය ලබන සතියේදී නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි.

“ජනාධිපතිවරණයේ නාමයෝජනා කැඳවන දිනය සම්බන්ධයෙන් විවිධ අය විවිධ මත ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න කැමතියි 17 වෙනිදා මැතිවරණ කොමිසමට බලය ලැබුණා කියලා කිව්වාට ඒ බලය ලැබෙන දිනයේ ඉඳන් ඒ දින 63 ඇතුළත නාමයෝජනා ලැබෙන දිනය ප්‍රකාශයට පත්කරන්න හැකියාවක් නෑ. උදාහරණයක් හැටියට ගත්තොත් ජුලි මාසෙ 17 වෙනිදා ඉඳන් ඒ දින ගණන සම්පූර්ණ වෙන සැප්තැම්බර් මාසෙ 17 වෙනිදා ගත්තාම ඒ දිනය පෝය නිවාඩු දිනයක්. ඒ නිසා ඒ දිනය ගන්නත් බෑ. ඒ වගේම 18 වෙනිදා ඉඳන් ඒ දිනය ගත්තොත් එතැනත් පෝය දිනයට පසු දිනය වුණාම අපට කලින් දවසේ ඡන්ද පොළවල් ලෙස ගන්න ආගමික ස්ථාන වගේ ඒවාට නිලධාරීන් යැවීමේ හැකියාවක් නෑ. ඉතින් ඒ නිසා මේ සියලු කරුණු සලකා බලලා තමයි මේ දිනය තීරණය කරන්න වෙන්නෙ. සැප්තැම්බර් 17ට පසුව එළඹෙන හැකිතාක් ළඟ, ඒ වගේම ගැටලුවකින් තොරව ඡන්දදායකයින්ට ඡන්දය ප්‍රකාශ කරන්න පහසු වෙන දිනය අපි යොදාගන්නවා. ඒ වගේම ලබන සතිය තුළ අපි බලාපොරොත්තු වෙනවා ඒ ඡන්ද විමසීම් දැන්වීම ප්‍රකාශයට පත්කරන්න. ඒ ඡන්ද විමසීම් දැන්වීමේ අඩංගු වෙනවා නාමයෝජනා බාරගන්නා දිනය සහ ඡන්ද විමසීම් දිනය”

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (18) හිරු රූපවාහිනී නාලිකාව කළ විමසීමකට දුරකථනය ඔස්සේ පිළිතුරු ලබාදෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan