ගෝලීය වශයෙන් විවිධ ක්ෂේත්‍රයන්ට තාක්ෂණික බලපෑමක්!

Date:

සටහන – පුන්සරා ලියනගේ
ජූලි 19, (LNW) කොළඹ:
ලොව පුරා බැංකු, ගුවන් සේවා, විදුලි සංදේශ සමාගම්, රූපවාහිනී සහ ගුවන් විදුලි විකාශකයින් සහ සුපිරි වෙළඳසැල් ඇතුළු ව්‍යාපාර වලට අභියෝගයක් වෙමින් ගෝලීය වශයෙන් සිදු ව ඇති තාක්ෂණික ඇනහිටීමක් පිළිබඳව වාර්තා වෙයි.

මෙහි ගුවන් ගමන් සේවා තුළින් ඇමරිකන් එයාර්ලයින්ස්, ඩෙල්ටා එයාර්ලයින්ස් සහ යුනයිටඩ් එයාර්ලයින්ස් ඇතුළු ප්‍රධාන එක්සත් ජනපද ගුවන් සමාගම් කිහිපයකට මෙහි බලපෑම දැඩිව එල්ල වී ඇත.

මේ අතර ඕස්ට්‍රේලියාවේ, ජර්මනියේ සහ ස්පාඤ්ඤයේ ගුවන් තොටුපලවල් තුළද මෙම අර්බුදය වාර්තා වී ඇති බව සඳහන් වේ.

ලන්ඩන් කොටස් වෙළඳපළට ද මෙමඟින් බලපෑම් සිදුව තිබේ.

මෙලෙස ඇති වූ තාක්ෂණික ඇණහිටීමට හේතුව තවමත් පැහැදිලි නොමැත.

මෙම තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමේදී යම් අපහසුතාවන් ඇති විය හැකි බව මයික්‍රොසොෆ්ට් සමාගම පෙන්වා දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...