මැතිවරණ නියාමන පනතත් අනිවාර්ය වෙද්දී දෘෂ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවටද ජන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවක්!

Date:

කොළඹ LNW:එළඹෙන ජනාධිපතිවරණය සඳහා මැතිවරණ වියදම් නියාමන පනත අනිවාර්යයෙන්ම යොදා ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙම පනත ජනමත විචාරණයකට හැර පැවැත්වීමට නියමිත සෑම මැතිවරණයකටම යොදා ගන්නා අතර පනත ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු අංශ දැනුවත් කර ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.

මේ අතර මෙවර ජනාධිපතිවරණයේදී පළමුවරට දෘෂ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සැලසීමට ද මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

දෘෂ්‍යාබාධිත ප්‍රජාවට බ්‍රේල් ක්‍රමයෙන් ඡන්ද පත්‍රිකාවේ සලකුණු හඳුනා ගැනීමට හැකිවන පරිදි විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරෙන අතර ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට සංඥා භාෂාවෙන් ඡන්ද පත්‍රිකාව පිළිබඳ දැනුවත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිසම කියාසිටියි.

ඊට අදාළව නියමු ව්‍යාපෘති කිහිපයක් පසුගිය කාලයේ ස්ථාන කිහිපයක ක්‍රියාත්මක කර තිබෙන අතර ඒවා සාර්ථක වීම මත මෙවර මැතිවරණයේදී එම පහසුකම් සැලසීමටයි මැතිවරණ කොමිසම තීරණය කර ඇත්තේ.

ජන්ද මධ්‍යස්ථාන මට්ටමින් ග්‍රාමනිලධාරීන් හරහා දෘෂ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත පිරිස් හඳුනා ගැනෙනු ඇති.

මීට අමතරව ශාරීරික දුබලතා ඇති පුද්ගලයින්ට ඡන්ද මධ්‍යස්ථාන සඳහා ප්‍රවේශ වීමට විශේෂ පහසුකම් සැලසීමටද නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...