තාත්තා අනිවාර්යයෙන්ම උසාවි එනවා. ඉතිහාසය විසින් එතුමාව නිදොස්කොට නිදහස් කරයි – චතුර සේනාරත්න

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අල්ලස් කොමිසම විසින් සිදුකර විමර්ශනයකට අදාළව චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරියේදී අනිවාර්යයෙන්ම අධිකරණයට ඉදිරිපත් වනු ඇති බව ඒ මහතාගේ පුත් චතුර සේනාරත්න පවසයි.

ප්‍රශ්නය – ඇත්තටම දැන් අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වෙලා තියෙන්නෙ. මොකක්ද ඊළඟ පියවර ?

“ඒකට නීතීඥවරුත් එක්ක කතා කරලා ඒ අදාළ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. සටනින් තොර ජයක් නැහැනෙ. ඒක හින්දා බය වෙන්න එපා”

“මේ වගේ දේවල් වෙන්න වෙන්න මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නැගී සිටිනවා. අනාගතයේදී මේ දේශපාලන පරිවර්තන ඔබලාට ඔබලාගේ දෑස් ඉදිරිපිටම දැකගන්න පුළුවන් වෙයි”

ප්‍රශ්නය – හැබැයි ඉතින් ඔබතුමාගේ පියා ආවොත් හොඳ නැද්ද උසාවියට ?

“එනවා. අනිවාර්යයෙන්ම එනවා. අනිවාර්යයෙන්ම එනවා. එනවා වගේම ඉතිහාසය විසින් එතුමාව නිදොස්කොට නිදහස් කරයි කියලා එදාත් කිව්වා, අදත් කියනවා”

චතුර සේනාරත්න මේ බව පැවසුවේ ඊයේ (ජුලි 18) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

2012 වසරේදී ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී නීතිමය ක්‍රියා පටිපාටියට පටහැනි ලෙස කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262 කට අධික පාඩුවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතාට චෝදනා එල්ල වී ඇති අතර අල්ලස් කොමිසම විසින් මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයක සැකකරුවකු වශයෙන් ද රාජිත සේනාරත්න මහතාව නම්කර ඇත.

මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ ප්‍රතික්ෂේප කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනතට වෙන දේ මෙන්න – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක්...

තංගල්ලෙන් ගොඩ එන පාතාලය – ද්විත්ව ඝාතනයකට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW: වෙඩි තබා මනුෂ්‍ය ඝාතන ද්විත්වයක් සිදුකිරීමට අදාළව...

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම ඉවතට. ස්වදේශ කටයුතු ඇමැතිත් ඉල්ලා අස්වෙයි!

කොළඹ LNW: ඊයේ (08) පස්වරුවේ නේපාලයේ බලුවතාර් හි අග්‍රාමාත්‍යවරයාගේ...